NewsPolitical

නීති හැදිය යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමට පමණක් නොව මිනිසුන් ජීවත් කරවීමද අරමුණු කරගෙනයි..- ජනාධිපති

ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

පරිසරය ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කෙරෙන ක්‍රමවේදයකට නිතිමය පසුබිම සැකසිය යුතු බව ද පරිසර සහ වනජීවි අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා සඳහන් කළේය.

නීති රීති, අණ පනත් සහ රෙගුලාසි වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනයට සියලු ආයතන එක්ව ක්‍රියා කළ යුතු බවට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. පරිසරය ආරක්ෂා කරගෙන ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙන ක්‍රම සැලසුම් කිරීම නිලධාරීන්ගේ වගකීමකි.

බලපත්‍ර නිකුත් කිරීමේ දී ගතවන කාලය හැකි උපරිමයෙන් අඩු කර විදේශීය මෙන්ම දේශීය ආයෝජකයන් පෙළඹවීමට සහ දිරිමත් කිරීමට පියවර ගන්නැයි ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

වසර කිහිපයකට පෙර අනුමැතිය ඉල්ලා ඇති උතුරු පළාතේ ජලජීවි උද්‍යාන ව්‍යාපෘතියට මෙතෙක් අවසර ලැබී නැත. ඒ පිළිබදව අවධානය යොමු කළ ජනාධිපතිතුමා ජෛව විවිධත්වය ආරක්ෂා කර ගනිමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කඩිනම් පියවර ගන්නැයි දැනුම් දුන්නේය. එමගින් රැකියා අවස්ථා රැසක් බිහි වේ.  ප්‍රශ්න විසඳා සංහිඳියාව ඇති කිරීමට ඇති හොදම මග එය බව ද ජනාධිපතිතුමා පැවසීය.

නීති රීති සම්පාදනය කළ යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමට පමණක් නොව මිනිසුන් ජීවත් කරවීම ද අරමුණු කර ගෙන යැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහත්වරු සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඇතුළු නිලධාරිහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය
(under the courtesy of lankacnews.com news web)

Related posts

මම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි.. අද ශ‍්‍රීලනිපයේ වැඩි පිරිසක් සිරිකොතෙන් ආ අයයි…

Maimoonar

Covid – 19 එන්නත් ජාවාරමේ පෙරමුණ ගැනීමට ලොව බළවතුන් පොරකයි.

Maimoonar

ආදායම හොයන්න රජයට උපදෙස් ගන්න සුද්දෙක් කැදවයි.. ඔහු කැමරන්ගේ ඇමතිවරයෙක්…

Maimoonar

1,429 comments

Comments are closed.