Local NewsNews

මෙරට පළමුවරට විභාග අපේක්ෂකයින්ට ඝණක යන්ත්‍ර භාවිතයට අවසර

විභාග සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ට මෙරට පළමු වරට ඝණක යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඔහු සඳහන් කළේ පළමු අදියර ලෙස තෝරාගත් විභාග කිහිපයකට ඝණක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබා දෙන බවයි.

ඒ අනුව ලබන ඉරිදා පැවැත්වෙන ඝණකාධිකරණ සේවා විභාගයේදී පළමුවරට විභාග අපේක්ෂකයින්ට මෙම අවස්ථාව ලබා දෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසුවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම ජාතික පාසලක් ලබාදීමට කටයුතු කරන බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ආණ්ඩුවෙන් ඉවත් වීමට දෙවරක් සිතන්නෑ.. විමල්ගේ යෝජනාවට මා එකගයි..- තොණ්ඩමන් මාධ්‍ය හමුවක….

Maimoonar

‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ අත්හිටුවයි.. රැකියා 7000ක් නවතයි..

Maimoonar

අමෙරිකාවේ Covid 19 මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි

Maimoonar

1 comment

Comments are closed.