32 C
Colombo
February 19, 2026
BusinessBusiness NewsNews

විදුලි කප්පාදුව දින කිහිපයකට නවතී.. නමුත් විදුලි කප්පාදුව අනිවාර්යයි..

කා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීමට නැවත තීරණය කර ඇති නිසා ඊයේ දිනයේ ආරම්භ කර තිබූ විදුලි අත්හිටුවීමේ සැලැස්ම නවතා දමා ඇත.

ඊයේ දිනයේ අගමැතිවරයා මැතිහත් වී යුගදනවු බලාගාරයට ඉන්ධන සපයා දුන් දුන් බවත් එනිසා මෙගා වොට් 300 ක පමණ ධාරිතාවක් පද්ධතියට එක් කිරීමට හැකි වී ඇතැයිද ලංවිම ඉහල පෙලේ ප‍්‍රකාශකයෙකු පැවසීය.

කෙසේ නමුත් විදුලිබල මණ්ඩලය විසිනි විදුලිය උත්පාදනය කරන සෙසු තාප බලාගාර වලට සංස්ථාව විසින් ඉන්ධන නිකුත් නොකිරීමට තවදුරටත් තීරණය කර ඇතැයි ඔහු සඳහන් කළේය.

ඊට හේතුව විදුලිබල මණ්ඩලය විසින් තෙල් සංස්ථා වෙත ගෙවීමට ඇති බිලියන ගණනක මුදල් නොගෙවීම නිසා බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් මේ තත්ත්වය මත ඉහල ගොස් ඇති විදුලි ඉල්ලුමට ප්‍රමාණවත් උත්පාදනයක් තාප බලාගාරවලින් සිදුකිරීමට නොහැකි වී ඇති නිසා දැන් සිදුවන්නේ විශාල ලෙස ජල විදුලි උත්පාදනය කිරීම බවද ඒ හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය වේගයෙන් අවසන් වන බව ද ඔහු සඳහන් කළේය.

බොහෝ දුරට දෛනික විදුලි ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් විදුලියක් නිපදවීම මාර්තු මාසය පමණ වන විට බරපතල අර්බුදයක් බවත් විදුලි කප්පාදුව නැවතත් ආරම්භ කිරීමට සිදුවනු ඇති බවත් ඔහු කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

දිට්වා සුළි කුණාටුවේ මරණ 481ක් දක්වා ඉහළට; 345ක් අතුරුදන්

Maimoonar

උතුරේ මහවිරු සැමරුම් පවත්වති.. අදත් හෙටත් තවත් සැමරුම්.. අතහිත ලන්ඩන් කොටින්ගෙන්..

Maimoonar

රජයේ සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ මෙසේය.

Maimoonar

5 comments

Comments are closed.