නව කොරෝනා වෛරසය වයප්තවිමත් සමග ශ්‍රී ලන්කන් ගුවන් සමාගම චීනය සමග පවත්වනු ලබන ගුවන් ගමන් වාර ගණන සිමා කිරීමට තීරණය කර තිබෙනවා. මේ වන විට ලොව බොහෝ රටවල් චීනය සමග පවත්වනු ලබන ගුවන් ගමන් සිමා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ එම ගුවන් ගමන් සඳහා පවතින ඉල්ලුම අඩුවීමත් සමගයි.
මේ අතර චීන රජය විසින් ද සිය පුරවැසියන්ට සංචාරක සිමා පනවා තිබෙනවා. මේ හේතුවෙන් චීනයේ පවතින වත්මන් තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව සහ චීනය අතර සතිපතා සිදුකරන ලබන ගුවන් ගමන් වාර ගණන සිමා කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් හෙට (06) දිනයේ සිට මාර්තු මස 28 වෙනිදා දක්වා චීනයේ නගර තුනක් සඳහා සිදුකරනු ලබන ගුවන් ගමන් මෙසේ සිමා කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සතිපතා චීනයේ බිජිං හා ෂැංහයි යන නගර දෙක බලා සිදුකරනු ලබන ගුවන් ගමන් වාර ගණන 04 සිට 02 දක්වාද, කැන්ටන් දක්වා සිදුකරනු ලබන සතිපතා සිදුකරනු ලබන ගුවන් ගමන් වාර ගණන 07 සිට 03 දක්වා සිමා කිරීමට පියවර ගෙන ඇත.
මෙම ගුවන් ගමන් සිමා කිරීමෙන් පසු අබුඩාබි කළාපය දක්වා සිදුකරනු ලබන ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.
(under the courtesy of nethnews.lk news web)
previous post
3 comments
What a nice post! I’m so happy to read this. 온라인카지노사이트 What you wrote was very helpful to me. Thank you. Actually, I run a site similar to you. If you have time, could you visit my site? Please leave your comments after reading what I wrote. If you do so, I will actively reflect your opinion. I think it will be a great help to run my site. Have a good day.
We Buy steak houses austin tx
In Austin TX in cash and on your terms.
deep sleep