News Political

දුම්රිය රාජ්‍ය ඇමති නාවලපිටිය දුම්රිය ස්ථානයේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක

දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක අද (10) නාවලපිටිය දුම්රිය ස්ථානයේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා. නාවලපිටිය දුම්රිය ස්ථානය සතු ඉඩම් ආරක්‍ෂා කර ගනිමින් එම ඉඩම් පිරිසිදුව පවත්වාගෙන යන ලෙසට රාජ්‍ය අමාත්‍යවරයා විසින් එහිදි දුම්රිය ස්ථානාධිපතිවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

දෛනිකව රාජකාරී සදහා දුම්රියෙන් ගමන් කරන මගීන්ගේ වාහන ගාල් කිරීමට රථ ගාලක් ඉදිකිරීමට කටයුතු කරන ලෙසටද රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. එම අවස්ථාවේ නාවලපිටිය දුම්රිය ස්ථානයට ළගා වූ දෙනුවර මැණිකේ නගරාසන්න දුම්රියට රාජ්‍ය අමාත්‍යවරයා ගොඩවී එහි සිටි මගීන්ගෙන් දුම්රියේ පවතින ගැටළු පිළිබදවද විමසා සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

නිවිතිගල සමුපකාර ඡන්දයෙන් සජිත් පිලට දැවැන්ත ජයක්…..

Shiran Viraj

රෆායල් නඩාල් ඔස්ට්‍රේලියානු ටෙනිස් තරගාවලියේ තෙවන වටයට

Shiran Viraj

ආරම්භයේදීම මහා විස්කම් පාන්න බෑ…- අනුර

Shiran Viraj

683 comments

Comments are closed.