January 29, 2026
NewsPolitical

වියත්මග ලොක්කන්ට තනතුරු නොගන්නැයි ජනාධිපති දන්වයි.. මහ මැතිවරණයේදී වියත්මග විශාල පිරිසක් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වූ බොහෝ දෙනාට රජයේ ඉහල තනතුරු හිමි වුවද ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් ඇතුළු ඉදිරිපෙළ ක්‍රියාකාරිකයන් ගණනාවක් එවන් තනතුරු ලබා නොගැනීම පසුගිය සති කිහිපයේ දේශපාලන කරලියේ කතා බහට ලක් වූ සිදු වීමකි.

මීට හේතුව මේ වන විට අනාවරණය වී ඇති ඇත. ඒ අනුව මේ පිරිසට රජයේ ඉහල තනතුරු භාර නොගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඊට පාදක වී ඇත්තේ මෙම වෘත්තිකයන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට ඇති සැලසුමයි.

මේ අයට අමතරව වියත්මග, එළිය වැඩසටහන් සමග සම්බන්ධ වූ වෘත්තිකයන් කිහිප දෙනෙක්ම මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර ඇති බව වාර්තා වේ. දැන උගත් දේශප්‍රේමී වෘත්තිකයන් දේශපාලනයට පිවිසිය යුතු බවට රට පුරා ප්‍රබල ජනමතයක් මේ වන විටත් නිර්මාණය වී ඇත.

දේශපාලන ආරංචිමාර්ග අනුව මහාචාර්ය චන්න ජයසුමන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ද, ආචාර්ය නාලක ගොඩහේවා ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද, රියර් අද්මිරාල් සරත් වීරසේකර කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, ආචාර්ය චරිත හේරත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වනු ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පොහොට්ටුවෙන් 80%ක් ඉන්නේ රනිල් එක්කයි..

Maimoonar

ෆොන්සේකා අරගල හමුවක් අමතයි.. අරගලකරුවන් වේදිකාව වටලා විරෝධයේ…

Maimoonar

හොඳින් වේල් තුන කාලා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වෙලා…

Maimoonar

18 comments

Comments are closed.