29.5 C
Colombo
October 1, 2026
NewsSportsSports News

මාලිගේ සහ කසුන්ගේ සහයෙන් මරාතා කණ්ඩායම ජයග්‍රහණය කරා යයි

අබුඩාබිහි පැවැති T10 තරගාවලියේ ශුරතාව දිනාගැනීමට මරාතා ඇරබියන්ස් කණ්ඩායම ඊයේ (24) රාති‍්‍රයේ සමත් වුණා.

ඒ, ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින්.

අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ මරාතා ඇරබියන්ස් කණ්ඩායම වෙනුවෙන් ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ලසිත් මාලිංග, කසුන් රාජිත සහ දසුන් ශානක සහභාගී වුණා.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරතවීමට කසුන් රාජිත සහ ලසිත් මාලිංගට හැකිවුණේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ප‍්‍රබල අභියෝගයක් එල්ල කරමින්. පළමුව පන්දුවට පහරදුන් ඩෙකෑන් කණ්ඩායම නියමිත පන්දුවාර 10 දී කඩුළු 08 කට ලකුණු 87 ක් රැස්කළා.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ කසුන් රාජිත නියමිත පන්දුවාර 02 දී ලකුණු 15 කට එක් කඩුල්ලක් බිඳ හෙළුවා. ලසිත් මාලිංග සිය පන්දුවාර දෙකේදී ප‍්‍රතිවාදීන්ට ලබාදුන්නේ ලකුණු 18 ක් පමණයි. ඔහු ද එක් කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ මරාතා ඇරබියන්ස් කණ්ඩායම පන්දුවාර 7 යි පන්දු 2 ක් අවසානයේ කඩුළු 02 කට ලකුණු 89 ක් රැස්කර ගනිමින් සිය ජය වාර්තා කළා.

මෙවර T 10 තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩකයින් 15 දෙනෙකු තෝරාගෙන තිබුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මැදපෙරදිග යුද වාතාවරණය දිගුකාලීන වුවහොත් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට යන බව මරික්කාර් පවසයි

Maimoonar

20 වන ව්‍යවස්ථා සංශෝධනය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ගැටෙනවා!-පා ම ගෙවිඳු කුමාරතුංග

Maimoonar

මල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..

Maimoonar

5 comments

Comments are closed.