News Sports Sports News

ආන්දෝලනයක් ඇති කළ සුපිරි පන්දු වාරයේ නීති වෙනස් වෙයි

2019 ලෝක කුසාලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ආන්දෝලනයක් ඇති කළ සුපිරි පන්දු වාරයේ නීති වෙනස් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සුපිරි පන්දු වාරයේදී ලකුණු සමවීමක් සිදුවුවහොත් වැඩිම හතරේ පහර එල්ල කළ කණ්ඩායමට තරගයේ ජයග‍්‍රහණය ලබා දීමේ නීතිය ඉවත් කිරීමටයි අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.

ඒ අනුව මින් ඉදිරියට සුපිරි පන්දු වාරයකදී කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගතහොත් එක් කණ්ඩායමක් ජයග‍්‍රහණය කරන තුරු නැවත නැවතත් සුපිරි පන්දුවාර කි‍්‍රයාත්මක කෙරෙන පරිදි එම නීතිය සංශෝධනය වී තිබෙනවා.

ඒ අනුව මෙම නව නීතිය මීට පෙර කි‍්‍රයාත්මක වුයේ නම් එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති අවසන් මහා තරගයේදී තවත් සුපිරි පන්දුවාරයක් කි‍්‍රයාත්මක කිරීමට අවස්ථාව හිමිවන බවයි කි‍්‍රකට් විචාරකයින් පෙන්වා දෙන්නේ. එම නීති සංශෝධනය කර ඇත්තේ ඩුබායිහි ඊයේ (14) පැවති අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ රැස්වීමකදීයි.

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දු වාරයක් කි‍්‍රයාත්මක වූ අතර පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල කිසිවෙකු නොදවී ලකුණු 15ක් රැස් කළා. 

නවසීලන්ත කණ්ඩායමද සුපිරි පන්දු වාරයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 15ක් රැස් කලද තරගයේ එල්ල කළ හතරේ පහර සංඛ්‍යාව අනුව එංගලන්තයට ලෝක කුසලානය හිමි වුණා. තරගයේ ජය පැරදුම තීරණය කළ එම නීතිය සම්බන්ධයෙන් කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සහ විචාරකයින් රැසක් දැඩි විවේචන එල්ල කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අකර්මණ්‍ය වූ හදවතක් පැයක් තුල යළි පණ ගැන්වීමට හැකි වෛද්‍ය උපකරණයක් හඳුන්වා දෙයි

Shiran Viraj

සීල් මත්ස්‍යයාට බාධා එපා

Shiran Viraj

ස්ටාලින් නිදහස් කරන්නැයි විරෝධතා…

Shiran Viraj

1 comment

Comments are closed.