January 29, 2026
Local NewsNews

ඥාණසාර හිමිට ජනපති පොදු සමාව දෙන්නැයි හිස්බුල්ලා ඉල්ලයි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදී නිදහස් කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ජාතීන් අතර එකමුතුකම වර්ධනය කර ගැනීම සඳහා උන්වහන්සේ නිදහස් කිරිම මේ මොහොතේ සිදුකළ යුතු බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේදාස රාජපක්‍ෂද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙසක් පොහොයට පෙර නිදහස් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉකුත්දා ඉල්ලීමක් කළා. ඒ, ඥාණසාර හිමියන්ගේ සුවදුක් බැලීමට වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදීයි. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

මහනුවර පාසැල් තවත් සතියක් වසයි..

Maimoonar

ගුවන් නියමුවන් 85ක් ඉල්ලා අස්වෙති.. ශ‍්‍රී ලන්කන් අර්බුදයට.

Maimoonar

මහ බැංකු ප‍්‍රකාශයෙන් පසු රුපියල තවත් කඩා වැටේ..

Maimoonar