29.5 C
Colombo
February 12, 2026
NewsPolitical

වැඩ බැරි හොරු පිරි ආණ්ඩුව ව්‍යවස්තානුකූලව ගෙදර යවන දවස මෙන්න.

‘ඉවසුවා ඇති ’ යන තේමාව යටතේ ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන ජන රැලි මාලාවේ පළමුවැන්න ඊයේ (2019.03.08) මහනුවර නගරයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි.

රැලිය අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පරගැති වැඩ බැරි හොරු පිරි ආණ්ඩුවට ගෙදර යන්න තියෙන්නේ තව මාස හතක් පමණයි. අපි දැන් ඉන්නෙ මාර්තු මාසයේයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නොවැම්බර් 9 වැනිදාත් දෙසැම්බර් 9 වැනිදාත් අතර අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. පුංචි ඡන්දය කල් දැම්මේ කොට්ඨාස සීමා නිර්ණය ගැන කියලයි. පළාත් සභා මැතිවරණය කල් දමා තියෙන්නෙත් කොට්ඨාස සීමා නිර්ණය ගැන කියලයි. සීමානිර්ණ කොමිසම දාලා පාර්ලිමේන්තු ඡන්දය කල් දමන්නට ඉඩ තියෙනවා. නමුත් ලංකාවම එකම කොට්ඨාසයක් වෙන ජනාධිපතිවරණය සීමානිර්ණ දාලා කල් දමන්නට බැහැ. ඒ ජනාධිපතිවරණයට කවුරු ආවත් කොහොම ආවත් දිනන්නෙ අපි කියන එක අපි බය නැතුව කියනවා.

රනිල්ට ඕනෑනම් රනිල් එන්න, කරූට ඕනෑනම් කරූ එන්න, සජිත්ට ඕනෑනම් සජිත් එන්න. ඔය කවුරු ආවත් දිනන්නේ අපි කියන එක නම් අපි බය නැතුව කියනවා.

ආණ්ඩුව ගෙදර යැවීමේ මහජන රැල්ලක ආරම්භය අපි මේ කන්ද උඩරටට ගෙනැවිත් තියෙන්නේ ඇයි? මේ කන්ද උඩරට සිටින්නේ ඓතිහාසික විරුවන් පිරිසක්. එදා විමලධර්මසූරිය රජතුමා පිටි පස්සේ වැටිලා දන්තුරේදී පෘතුගීසීන්ට ලෝක ඉතිහාසයේ ම අමතක නොවන පාඩමක් ඉගැන්වූ වේ ඔබ. ඒ වගේම සෙනරත් රජතුමන්ගේ පිටුපසින් වැටී බලන දී බලන ඇළ දොළවල් පෘතුගීසි රුධිරයෙන් රතු පැහැයට හැරෙව්වේ ඔබ. දෙවන රාජසිංහ රජතුමන්ගේ පිටුපසින් වැටිලා ගන්නෝරුවේදී පෘතුගීසීන් පරාජය කරලා කොළඹට යන තුරු ඔවුන්ට පහරදෙමින් එළවා දැමුවේ ඔබ. පෘතුගීසීන් ලන්දේසීන් ඉංග්‍රීසීන් මෙරටට ආවා. ඔවුන් මුළු ලෝකයම ජය ගෙන තිබුණත් අපේ මුහුදුබඩ පලාත් අල්ලාගත්තත් කන්ද උඩරට අල්ලා ගන්නට ඔවුන්ට නොහැකි වුණේ ඔබේ වීරකම, ධීරකම,ශූරකම නිසයි.

මව්බිම මේ දෙවන දොන් ජුවන් ධර්මපාල ගෙන් නිදහස් කරගැනීමේ ඓතිහාසික අරගලය මේ කන්ද උඩරටින් අප අරඹන්නේ උතුම් දළදා වහන්සේ වැඩ සිටින නිසා මෙන්ම වීරෝදාර ජනතාවක් වන ඔබ කන්ද උඩරට සිටින නිසායි. ඒ නිසා අදින් මේ ආරම්භ කරන අපේ අරගලය අපේ ජයග්‍රහණය ලබා ගන්නා තුරු, රටේ ජයග්‍රහණය ලබා ගන්නා තුරු, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට නැවත රට බාර දෙන තුරු නතර කරන්නේ නෑ කියන ප්‍රතිඥාව අප ඔබට ලබාදෙනවා. ඒ වගේම ඒ අරගලයේ සජීවී පාර්ශවකරුවෙක් වෙන්න කියලා මම තමුන්නාසේලාට ආරාධනා කරනවා.

(under the courtesy of lankacnews.com news web)

Related posts

දිවුලපිටියේ ඇඟළුම් කම්හලට කොවිඩ් ආවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමකින්ද ? පරීක්ෂණ අලුත් පැත්තකට

Maimoonar

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත රජය නැවත සමාලෝචනය කරයි

Maimoonar

පාරේ බුලත් කෙල ගසන අයට අද සිට නීතිය දැඩිව..

Maimoonar

4 comments

Comments are closed.