February 27, 2026
Local NewsNewsPolitical

මන්ත්‍රී අජිත් ගිහාන් මහතා තමන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කරයි

තමන්ට අපහාස වන අයුරින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරෙන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. ඒ මහතා ඊයේ (08) වාරියපොල පිහිටි වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත ගොස් මේ පිළිබඳ නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සති කිහිපයක සිට කිසියම් පුද්ගලයෙකු හෝ සංවිධානාත්මක පිරිසක් විසින් තමන් ඉලක්ක කර ගනිමින් මෙලෙස සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලාවලට එක් කරමින් පවතින බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අදාළ පළකිරීම් වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත්, ඊට වගකිව යුතු පුද්ගලයන් නීතිය හමුවට පමුණුවන ලෙසත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කළේය.

Related posts

තැපැල් ඡන්දය නොදුන් අයට තවත් අවස්ථාවක්…

Maimoonar

නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය නීතියේ ආධිපත්‍යයේ ජීවමාන සාක්ෂියක් බව අධිකරණ අමාත්‍යවරයා පවසයි

Maimoonar

මාර්තු 2-6 අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා : රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

Maimoonar