Local NewsNews

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් 4000කට නිමි ඇඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් නුවරඑළියේදී

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවන්ට මුහුණ දුන් පවුල් 4000ක් සඳහා නිමි ඇඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීමේ සමාරම්භක වැඩසටහන ඊයේ (12) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධව සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා “ගුඩ් නේබර්ස් ශ්‍රී ලංකා” (Good Neighbors Sri Lanka) රාජ්‍ය නොවන සංවිධානය මූල්‍යමය දායකත්වය සහ සම්බන්ධීකරණය සපයා තිබේ.

නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන දිලිකා කවිසේකර සහ ශාලිකා ළිඳකුඹුර යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, ආපදාවෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභී පවුල් 160ක් සඳහා සංකේතාත්මකව ආධාර බෙදා දීම සිදු විය. සුළි කුණාටුවෙන් සිය ආර්ථිකය බිඳවැටුණු පවුල්වල සියලු සාමාජිකයන්ට භාවිත කළ හැකි පරිදි වටිනා නිමි ඇඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඉදිරියේදී දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින පවුල් 4000ක් වෙත ලබා දීමට නියමිතය.

මෙම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් භාෂිනී සමරසේකර, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් නිශාන්ත බණ්ඩාර සහ ගුඩ් නේබර්ස් ආයතනයේ වැඩසටහන් කළමනාකරු රුෂ්දි නසීර් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Related posts

ඉදිරි වසර තුනම IMF.. අපේ අයවැයක් ගේන්නේ 2029දී..- චතුරංග

Maimoonar

කොවිඩ් නිවෙස් තුළට ඇවිත් – වෛද්‍ය අලුත්ගේ

Maimoonar

නීති හැදිය යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමට පමණක් නොව මිනිසුන් ජීවත් කරවීමද අරමුණු කරගෙනයි..- ජනාධිපති

Maimoonar