February 27, 2026
Local NewsNews

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

කුවේට් රාජ්‍යය බලා පියාසර කිරීමට සුදානම් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා ඇති බව වාර්තා වේ. ගුවන් යානය ගුවන්ගත වී පැය දෙකකුත් විනාඩි විසි එකක කාලයක් ගතවීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත්තේ ආරක්ෂිත පියවරක් වශයෙනි. යානයේ හයිඩ්‍රොලික් පද්ධතියේ හටගත් දෝෂයක් මෙම තත්ත්වයට මූලික හේතුව වී තිබේ.

යානයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වූ වහාම ඒ පිළිබඳව කටුනායක පාලක මැදිරිය දැනුවත් කිරීමට නියමුවා පියවර ගෙන ඇත. මෙම යානය තුළ මගීන් 179 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 187 දෙනෙකු ගමන් කරමින් සිටි බව ගුවන් තොටුපොළ බලධාරීන් තහවුරු කරයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන ප්‍රධානී දීපාල් පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ පාලන පද්ධතියේ ඇති වූ දෝෂය නිසා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස යානය හරවා එවන ලද බවයි.

Related posts

අදානි වැඩ අරඹයි..

Maimoonar

සමාජ ජාලා නියාමනයට රජය සැරසේ.. tiktok ගැන වැඩි අවධානය…

Maimoonar

ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කිරීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා..- ජනපති

Maimoonar