January 23, 2026
NewsPolitical

මන්ත්‍රී රාමනාදන් අර්ජුනා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද දින වරෙන්තු නියෝග නිකුත් කරන ලදී. ඒ මහතාට එරෙහිව පවතින නඩුවක් අද දින විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම මෙම නියෝගයට හේතු වී තිබේ.

රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇති අතර, මීට පෙර එම චෝදනාවට අදාළව ඔහු ඇප මත මුදා හැර සිටියේය. කෙසේ වෙතත්, අද දින ඔහු අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

Related posts

පාස්කු බෝම්බ කමිටුව ජනාධිපති තවත් කෝප ගන්වයි.. රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා කැදවයි..

Maimoonar

රටපුරා ඇදිරි නීතිය ලිහිල් කරයි.. රාජ්‍ය හා පෞද්ගලික සේවා අරඹයි..- ජනපති කියයි..

Maimoonar

ශ්‍රී ලංකා ආර්ථිකය යහමගට: මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගනී

Maimoonar