January 29, 2026
Local NewsNews

සුපිරි ජීප් හොරෙන් ගෙන්වූ තිදෙනෙක් අල්ලයි..

තීරුබදු රහිතව මෙරටට ගෙන්වා ව්‍යාජ අංක තහඩු සවි කරන ලද ජිප් රථයක් හා කාර් රථයක් පැල්මඩුල්ල පොලිස් වසමේ ගරාජයක සඟවා ඇති බවට පැල්මඩුල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව 2024.10.13 වන දින එම ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර අදාල වාහන දෙක පොලිස් භාරයට ගෙන විර්මශන ආරම්භ කර තිබිණි.

ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනය අනුව 2025.03.04 වන දින ඉහත වාහන සන්තකයේ තබා ගැනීම, තීරුබදු රහිතව මෙරටට ගෙන්විම හා ව්‍යාජ අංක තහඩු සවි කර භාවිත කිරිම යන වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 49, 59 හා 61 යන වයස්වල පසුවන ඇඹිලිපිටිය හා මාමඩල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් 2025.03.04 වන දින පැල්මඩුල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 2025.03.11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

Related posts

කැබිනෙට්ටුව විසුරුවා භාරකාර රජයක් පිහිටුවන්නැයි කියයි..

Maimoonar

බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ යළි රිමාන්ඩ්

Maimoonar

සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..

Maimoonar

1 comment

Comments are closed.