Local NewsNews

විනාඩි 15කින් තේ දළු කිලෝ අටක් නෙලා ලක්ෂ පහක් දිනයි..

හේලිස් සමුහ ව්‍යාපාරයට අයත් තලවකැලේ, හොරණ, කැළණිවැලි සමගාමට අයත් තේ වතු 42 ක හොදම තේ දළු නෙල්න්නියන් තොරා එම 42 දෙනා අතරින් හොදම තේ දළු නෙල්න්නියක් තොරා ගැනිම සදහා (01) දින නානුඔය රදැල්ල තේ වතුයායේදි තරගාවලියක් පැවැත්විණ.

එම සමුහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා සහා තලවකැලේ, හොරණ සහ කැළණිවැලි සමාගම් වල සමුහ අධ්‍යක්ෂක අචාර්ය රොෂාන් රාජදොරේ යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම තරගාවලිය පැවැත්විණ.

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ නිලධාරින්ගේ අධික්ෂණය යටතේ විනාඩි 15 ක කාලයක් තුල නිසි ප්‍රමිතියට සහ තරග කොන්දේසිවලට යටත්ව මෙම තරගයෙන් ජයගනු ලැබුවේ විනාඩි 15 ක කාලයක් තුල අමු තේ දළු කිලෝ 8 ක් නෙළු තලවකැලේ වැවිලි සමාගමට අයත් ග්‍රේට්වෙස්ටර්න් වතුයායේ පදිංචි ඉරේෂා රාජලක්ෂ්මි නැමති තිදරු මවයි.

මෙම තරගාවලියේ පළමු ජයග්‍රහිකාවට මුදලින් රු ලක්ෂ පහක් සහ අගල් 43 ස්මාර්ට් වර්ගයේ නවිණතම රුපවාහිනි යන්ත්‍රයක් ඇතුළු නිවසට අවශ්‍ය විදුලි උපකරණ රැසක් එම සමාගමේ සභාපතිවරයා විසින් පිරිනැමිණ.

මෙම තරගාවලියට ඉදිරිපත් වු තේ වතු සමාගම් තුනේම සෙසු තරගකරුවන්ගෙන් එක් එක් වතුයායවල් වලින් පළමු, දෙවන සහ තුන්වන ස්ථාන තොරා එම තරගකරුවන්ටද මුදල් ත්‍යාග සහ ත්‍යාග පිරි නැමුහ.

තරගාවලියට ප්‍රථම එම වතු සමාගම් යටතේ පාලනය වන වතු පනහක ප්‍රාදේශිය වශයෙන් තරග පවත්වා ඉන් හොදම තේ දළු නෙලන්නියන් 42 දෙනෙකු අවසන් මහ තරගය සදහා තොරාගත් බවයි තරගාවලියේ සංවිධායක මණ්ඩලය කියා සිටියේ.

තේ වතු වල වැඩ කරන වතු කම්කරුවන්ව දිරි ගැන්විම සහ තේ වතු වල සේවකයින් රදවා ගැනිමේ අරමුණින් තම වතු සමාගම් මෙවැනි තරගාවලියන් පවත්වන බවයි අචාර්ය රොෂාන් රාජදොරේ මහතා කියා සිටියේ.

අවසන් මහා තරගය සදහා තරගකරුවන්ගේ වතු වල වතු අධිකාරියේ නිලධාරින්, තරගකරුවන්ගේ පවුලේ සමාජිකයන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

මෙම තරගාවලියට සමගාමිව සිංහල සහ හින්දු සංස්කෘතිය අංග රැසක් එක් කර තිබුණි.

Related posts

රුපියල අදත් උඩ යයි.. ඩොලරය 315යි…

Maimoonar

ගුවන් කාර්ය මණ්ඩලය ගැන රටට පැහැදිළි කරදෙයි

Maimoonar

ආපදා සහන මෙහෙයුම් වේගවත් කරයි! වියළි ආහාර දීමනාව රු. 10,500 දක්වා ඉහළට; අමාත්‍යාංශවලට විශේෂ මූල්‍ය බලතල

Maimoonar