31.7 C
Colombo
September 10, 2026
NewsPolitical

ලංකාවට දුන් USAID ආධාර 90%කින් කපා හරී..

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු කෙරෙන බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව එම ආයතනයෙන් ශ්‍රී ලංකා රජයට හා නොයෙක් රාජ්‍ය නොවන සංවිධානවලට ලබා දුන් අරමුදල් මෙසේ අඩු වෙන බව හෙතෙම කීවේය.

මේ සමගම ඇමෙරිකානු ආධාර මත ක්‍රියාත්මක වූ රජයේ ව්‍යාපෘති 4ක් ද අඩපණව ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වසර 2024 දී පමණක් එම ආයතනයෙන් රුපියල් බිලියන 21 ක ව්‍යාපෘති ආධාර රජයට හා පෞද්ගලික අංශයට ලැබී ඇතැයි කී හෙතෙම මේ තීරණයත් සමග එම ප්‍රදාන ඇණ හිටින බව ද ප්‍රකාශ කළේ ය.

මේ ගැන සාකච්ඡා කිරීමට අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා නියෝජිතයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටිය ද මෙතෙක් ඊට ප්‍රතිචාර නොලැබුණු බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර විදෙස් මාධ්‍ය පසුගිය 27 වැනිදා වාර්තා කළේ ඩොලර් බිලියන 60 කට වැඩි වටිනාකමක් සහිත සංවර්ධනය සඳහා වෙන එක්සත් ජනපද නියෝජිතායතනයෙන් ලෝකයේ විවිධ රට වලට ලබා දී ඇති මූල්‍යාධාර සියයට 90 න් අඩු කිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇති බවය.

එම ආයතනයේ අරමුදල් මත ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘති නතර කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ වෙන විටත් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේය.

උද්ගතව ඇති මේ තත්ත්වය හමුවේ විකල්ප අරමුදල් පහසුකම් සොයා ගැනීම වෙනුවෙන් ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන යුරෝපීය තානාපති කාර්යාල සමග සාකච්ඡා කර ඇතත් ඒවායෙන් යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බව ද ඔහු අනාවරණය කළේ ය.

Related posts

හෝටල්, ආපන ශාලා එන සතියේ සිට අරී..

Maimoonar

මුහුණ ආවරණ මිලියන 200ක ඇණවුමක්. මෙරට අපනයන ක්ෂේත්‍රය සවිබල ගන්වමින් බ්‍රැන්ඩික්ස් වෙතින් ප්‍රථම අපනයනය එක්සත් ජනපදයට

Maimoonar

අගමැති පැවති පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් කැඳවයි

Maimoonar