27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

ඇමති ලේකම් කෙනෙක් කොළඹ හතේ වරාය අධිකාරියේ සුපිරි නිවසක නීති විරෝධීය පදිංචි වෙලා..

වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු යැයි කියන පුද්ගලයෙකු ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොළඹ හතේ පිහිටි පළමු ශ්‍රේණියේ නිවසක නීති විරෝධීව පදිංචිව සිටින්නේ යැයි වරාය වෘත්තිය සමිති චෝදනා කරති.

වරාය අධිකාරියේ ඉහළම පෙලේ නිලධාරීන්ට පමණක් ලබාදිය හැකි මෙම නිවස හදිසි කටයුත්තක් ලෙස දක්වමින් පෞද්ගලික ලේකම්වරයාට වෙන්කර ලබා දී ඇති බවද චෝදනා එල්ල වෙයි.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයේදීද මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වූ නමුත් මේ වන විටත් එකී පුද්ගලයා එහි පදිංචිව සිටින්නේ යයි වෘත්තිය සමිති නියෝජිතයන් කියා සිටිති.

විෂය භාර අමාත්‍යවරයා එම නිල නිවසේ මේ වන විට නොමැති නිසා අදාළ පුද්ගලයාට එහි රැඳී සිටීමට කිසිදු අයිතියක් නැති බවත් පෙන්වන වෘත්තිය සමිති නායකයන් වරාය අධිකාරියේ නිවාස කමිටුවේ අනුමැතියත නොමැතිව එම පුද්ගලයාට එම නිවස ලබා දී ඇති  බවද  චෝදනා කරති.

Related posts

ගෝඨාභය දඩයම් කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක්…!!

Maimoonar

15 හැවිරිදි සිසුවා 11 හැවිරිදි සිසුවියට පිහියෙන් අනී..ලිංගික වලියක්.

Maimoonar

මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය හෝමාගම දී විවෘත කෙරේ

Maimoonar