January 8, 2026
BusinessBusiness NewsInternational NewsLocal NewsNews

අදානිට ලක් රජය යලි අත වනයි.. සාකච්චා කමිටුවක් පත් කරයි.. ලිඛිතව දන්වයි..

ඉන්දීය අදානි සමාගම මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වූ පසු ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන් යලි සාකච්චා කිරීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර ඇත.

ශ්‍රී ලංකාව විසින් මුලින් දක්වන ලද ගාස්තු නැවත සාකච්ඡා කිරීම සඳහා විවෘතව පවතින බැවින් ඒ පිළිබඳව අදහස දන්වන්නැයි බලශක්ති අමාත්‍යංශය අදානි සමාගමට දන්වා ඇත.

මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 442 ක වටිනාකමින් යුතු වන අකර ඒ සඳහා විදුලි සම්පේ්‍රෂණ පද්ධති හා සුළං බල ව්‍යාපෘති දෙකක් ඇතුළත්ය.

ව්‍යාපෘතියේ විදුලි ඒකකයක් සඳහා වන මිල සම්බන්ධයෙන් වන එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම මත එම සමාගම ව්‍යාපෘතියෙන් ඉවත්ව ගියේය.

මේ අතර බලශක්ති අමාත්‍යංශයේ සඳහන් කරන්නේ අදාළ සමාගම සමග එම ව්‍යාපෘතිය ඉදිරි කටයුතු සඳහා මිල ගණන් නැවත සාකච්ඡා කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවය.

Related posts

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ 05 දෙනෙකු දෙමටගොඩින් හමුවෙයි

Maimoonar

අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කිරීමට ඉසුරුපායෙන් ලිපි නෑ…

Maimoonar

කොරෝනා සමාජයේ පැතිරීම නැත්තටම නෑ.. ඇදිරි නීතිය ඉවත් කිරීමට මේ කාලයයි..- සෞඛ්‍ය ඇමතිනිගෙන් නිර්දේශ

Maimoonar