Local NewsNews

යාපනේ තිස්ස විහාරයට පහර දෙන බවට පොන්නම්බලම් නමින් ෆේස්බුක් ගිණුමකින්..

යාපනය තයිඉට්ටි තිස්ස රජමහා විහාරය ඉදිරිපිට විරෝධතා දැක්වීම හේතුවෙන් අධිකරණ නියෝගයන් කඩකිරීමේ චෝදනාවට දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජෙන්ද්‍රකුමර් පොන්නම්බලම් මහතා යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට පෙනී සිටීමෙන් පසුව ඇප මතා මුදා හැර ඇත.

මල්ලාකම් මහෙස්ත්‍රාත්වරිය වන ගයත්‍රි සෙල්වම් මහත්මිය විසින් මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමේ මෙම නියෝගය ලබා දී ඇති අතර නඩුව යලි ජුනි මස 26 වනද විභාග කැඳවීමටද නියෝග කළාය.

අධිකරණය හමුවේ පෙනී සිටි පොන්නම්බලම් මහතාගෙන් අධිකරණ නියෝගයන් කඩකරමින් විරෝධතාවයේ නිරත වීමට හේතුව මහෙස්ත්‍රාත්වරිය විමින් විමසන අවස්ථාවේදී පොන්නම්බලම් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතික්ඥ එස්. මහින්දන් මහතා අධිකරණයට පෙන්වා දී ඇත්තේ අදල අධිකරණ නියෝගය නිසියාකාරව විධිමත්ව වෙලාවට නොලැබීම මත විරෝධතාවයට පෙනී සිටීමට සිදුවූ බවටත් එසේ නොමැතිව අධිකරණයට අපහස කිරීමට කිසිදු චේතනාවක් පොන්නම්බලම් මහතාට නොතිබූ බවටත්ය.

ඒසේම තිස්ස විහාරයට එල්ලවන යම් ප්‍රහාරයක් පිළිබඳව පොන්නම්බලම් මහතාගේ නමින් මුහුණු පොතේ සටහනක් සඳහන් කිරීම පිළිබඳව විමසීමේදී පොන්න්ම්බල්ම් මහතාගේ නීතිඥවරයා අධිකරණයට පෙන්ව දී ඇත්තේ පොන්නම්බලම් මහතාගේ නමින් වෙනත් අයෙකු මුහුණු පොතේ ගිනුමක් සාදා මෙම ප්‍රකාශය කොට ඇති බවටත් එයට පොන්නම්බලම් මහතා කිසිදු සම්බන්ධතාවක් නොමැති බවටත්ය.

ඉන් පසුව මහෙස්ත්‍රාත්වරිය විසින් පොන්නම්බලම් මහතාට ඇප ලබා දීමට පියවර ගත් අතරම අදාල මුහුණු පොතේ ප්‍රකශය පිළිබඳව සොයා පරික්ෂණ වාර්ථාවක් ලබන නඩු නිදයට ඉදිරිපත් කරන ලෙසටද කන්කසන්තුරෙයි පොලීසියට නියෝග කොට සිටියාය.

Related posts

2025 අයවැය හිගයට මිලියන 700ක් IMF ණය ඉල්ලයි.. නොලැබුනොත් එසැනින් බංකොලොත්…

Maimoonar

අමෙරිකාවේ Covid 19 මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි

Maimoonar

පාතාලය ඉවරයි.. ජනපති ලොකු තීන්දුවක් ගනී..

Maimoonar