27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

පොලිසියේ හතරක් පොලිස් අත්අඩංගුවට…

2025.02.10 වන දින රාත්‍රී කාලයේදී ජංගම සංචාරයේ යෙදී සිටි වාද්දුව පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන ලද පුද්ගලයෙකු ඇප මත මුදාහැරීමෙන් අනතුරුව රෝහල් ගත කිරීමෙන් පසු මිය යාම සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශනයක් සිදු කරමින් පවතී.

ඒ අනුව, සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනෙකු මෙම පුද්ගලයාට පහරදීමේ චෝදනාව යටතේ 2025.02.12 වන අද දින සවස් කාලයේ පානදුර කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් 2025.02.13 වන දින පානදුර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

තවද මෙම කොස්තාපල්වරුන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීම සඳහා ඔවුන්ගේ රාජකාරි වැඩ තහනමකට ලක් කර ඇත.

Related posts

අවසන් රෝගියාද සුව වන තුරු කොරෝනා රෝහලේ සියළු වියදම් ඩඩ්ලි සිරිසේන බාරගනී..

Maimoonar

වගාවන් රිලවුන්ට දී ගොවීන් වෙන රස්සා සොයති..

Maimoonar

පොහොට්ටු මූලස්ථානයෙන් ගෝටාභයටත් කාමරයක්.. ක‍්‍රියාකාරී දේශපාලනයට..මූලස්ථානය තවත් ලොකු වෙයි

Maimoonar