28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

පොලිසියේ හතරක් පොලිස් අත්අඩංගුවට…

2025.02.10 වන දින රාත්‍රී කාලයේදී ජංගම සංචාරයේ යෙදී සිටි වාද්දුව පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන ලද පුද්ගලයෙකු ඇප මත මුදාහැරීමෙන් අනතුරුව රෝහල් ගත කිරීමෙන් පසු මිය යාම සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශනයක් සිදු කරමින් පවතී.

ඒ අනුව, සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනෙකු මෙම පුද්ගලයාට පහරදීමේ චෝදනාව යටතේ 2025.02.12 වන අද දින සවස් කාලයේ පානදුර කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් 2025.02.13 වන දින පානදුර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

තවද මෙම කොස්තාපල්වරුන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීම සඳහා ඔවුන්ගේ රාජකාරි වැඩ තහනමකට ලක් කර ඇත.

Related posts

ලක්‍ෂ පහමාරක විදුලිය විසන්ධි කිරීම සාමාන්‍ය තත්වයක්…- ලංවිම

Maimoonar

වියළි ආහාර බෙදාදීම – ශ්‍රී ලංකා ඛනිජ තෙල් සහයෝගීතා – සභාපති

Maimoonar

‘බොබ් මාලි’ අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහාය පතයි.. විස්තර මෙන්න..

Maimoonar