Local NewsNews

ජල විදුලි බලාගාර සියල්ල නවතී..

දිවයින පුරා විදුලිය බිද වැටිමත් සමග ජල විදුලි බලාගාර සියල්ල ස්වයංක්‍රියව අක්‍රිය වු බව විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය.

දිවයින පුරා මෙවැනි විදුලි බිද වැටිමකදි ස්වයංක්‍රියව ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය නතර වන බවත්, ඉන් අනතුරුව පළාතින් පළාතට විදුලි බලය ලබාදිම සදහා ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය යලි ආරම්භ කරන බව එම නිලධාරියා කියා සිටියේය.

මේ අතර විදුලි බිඳවැටීම මේ වනවිට යථාවත් කරමින් පවතින බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ ජාතික රෝහල, අඹතලේ ජල පවිත්‍රාගාරය, බියගම සහ සපුගස්කන්ද ඇතුළු ප්‍රධාන ප්‍රදේශ සහ ආයතන කිහිපයකට විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කළ බව බලශක්ති අමාත්‍යංශය පැවසුවේය.

Related posts

අගමැති මහින්ද හා ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡාවක් අද

Maimoonar

වාහන තදබදයට පාසල් සිසුන්ගෙන් අලුත්ම විසදුමක්…ඉදිරියේදී “ට්‍රැෆික් ” නැත්තට නැතිවෙයි?..

Maimoonar

කොවිඩ් අවදානම මැද උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

Maimoonar