January 23, 2026
NewsPolitical

ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනයට බදු ඉවත් කල යුතුමයි.. නමුත් IMF නිසා කරන්න බෑ..

ආහාර, සෞඛ්‍ය හා අධ්‍යාපන උපකරණ සඳහා බදු සහන ලබාදීම රජයේ ප්‍රතිපත්තිය වුවත් මෙවර අයවැයේදී එම බදු සහන ලබා දීමට යම් සීමා පැවැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.

දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

“එක අයවැයකින් සියල්ල කරන්න බැරි බව අනිවාර්යෙන් පිළිගන්නවා. හැබැයි අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියන්නේ නැහැ මේ පළවෙනි අයවැයෙන් කරන දේ. පළවෙන අයවැය කියන්නේ ගමන් මාර්ගයේ එක් නිශ්චිත කාර්යභාරයක් පමණයි. ප්‍රතිපත්ති කියන්නේ පුළුල් දේවල්. හැබැයි ඇක්ෂන්වලට කාලරාමුවක් තියෙන්න ඕනේ. දර්ශනයට කාලරාමුවක් නැහැ.

වැට් බදු කියන්නේ වක්‍ර බද්දක්. අපි එදත් කිව්වා, අදත් කියනවා හෙටත් කියනවා මේ 18% වැට් බද්ද වැඩියි. ඒක අඩු කරන්න ඕනේ. හැබැයි අඩුකරන්න සීමා පැනවෙනවානේ. ආර්ථිකය හිරවෙලා තිබුණු නෛසර්ගික සීමාවකුත් තියෙනවා. IMF වැඩසටහන යටතේත් යම් තැනකට හිරවෙලා තියෙන්නේ. අපි මේ වැට් බදු ඉවත් කරන වැඩේ ඉදිරියේදී කරනවා. එකවර පළමු අයවැයෙන් සියල්ල උඩුයටිකුරු කරන්න බැහැ. දැනටත් අපිට තියෙන වුවමනාව අත්‍යාවශ්‍ය දේවල්වල වැට් බදු ඉවත් කිරීම තමයි. IMF වැඩසටහන නැතුව යනවානම් පළවෙනි අයවැයෙන්ම කරන්න පුළුවන්”

Related posts

ඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනය

Maimoonar

බස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරීම කල් යයි

Maimoonar

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 29ක තානාපතිවරුන් යළි කැඳවයි

Maimoonar