February 12, 2026
NewsPolitical

අගමැතිනි යන්නේ වාහන තුනකින්.. පාරවල් තුනක් වහලා ඉඩ දීලා..

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේ පසුපස මාර්ගයෙන් පිටවන්නේ වාහනක් තුනකින් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.

ඇය වොල්වෝ රථයකින් පිටවෙන බවත් ඒ අවස්ථාවේ මාර්ග තුනක් වසා ඇයට ඉඩ සලසා දෙන බවත් ඔහු පවසයි.

තමන් විසින් තම ජංගම දුරකථනයෙන් මීට අදාළ රූප රාමු වීඩියෝ ගත කර ඇති බවත් ඔහු සඳහන් කළේ ස්වර්ණවාහිනි නාලිකාවේ රතු ඉර වැඩසටහනට එක්වෙමිනි.

ඊයේ දිනයේ මෙම සිදුවීම සිදුව ඇති බවත් පැවසූ ඔහු තමා අසත්‍යයක් කියන්නේ යැයි කියන්නේනම් ඕනෑම පරීක්ෂණයට මුහුණ දීම සූදානම් බවත් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත් ඔහු තවදුරටත් කියා සිටියේය.

අදාළ වාහනය අංකයද ඔහු විසින් එහිදී හෙලි කළේය.

කෙසේ වෙතත් එම වැඩසටහනට ආණ්ඩුව පාර්ශවයෙන් සහභාගි වූ මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා කියා සිටියේ තමන් අදාළ වීඩියෝ පිලි නොගන්නා බවය.

එමෙන්ම මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් මේ වන විට රේන්ජ්රෝවර් වර්ගයේ ජීප් රථ නවත්වා ඇති බවත් විජේසිරි මන්ත‍්‍රීවරයා තවදුරටත් සඳහන් කළේය.

Related posts

නිශාන්ත සිල්වා රටින් පනින බව, මුළු සීඅයිඩීයම කල්තියාම දැනගෙන ඉඳලා

Maimoonar

ශ්‍රී ලංකාවේ ආර්ථික දර්ශක යහපත්: IMF පස්වන සමාලෝචනය බාහිර අවදානම් නිරීක්ෂණයට

Maimoonar

QR බිද වැටෙයි…

Maimoonar

207 comments

Comments are closed.