Local NewsNews

රජයේ සැප වාහන වෙන්දේසියක්..

නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති නමුත් මෙතෙක් ඔවුන්ට වාහන ලබාදීමක් නැති බව වාර්තා වෙයි.

මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ රජය මේ වනවිට සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට කටයුතු කරමින් සිටින බවය.

මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් මේ වන විට භාවිත කරන්නේ තමන්ගේම වාහන බවත් ඔහු පැවසීය.

‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට අපි තීරණයක් ගෙන තිබෙනවා. නමුත් ඔවුන්ට වාහන දෙන්නේ කවදාද කියලා අපි තීරණය කරලා නැහැ. ඒ අයට දෙන්න අලුත් වාහන ගෙන්වන්නේ නෑ..’

ඒ සම්බන්ධයෙන් රජය පසුව සොයා බලන බව ඔහු පැවසීය.

Related posts

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමට ජනපතිගෙන් සහ අගමැතිගෙන් උපදෙස්

Maimoonar

දුරකථන කුලුණකට විරෝධය.. රාත්‍රීයේ හොරෙන් හාරයි…

Maimoonar

ලිත්‍රො ගෑස් නව සභාපති පැයෙන් ඉවත් කරයි.. හිටපු සභාපති යලි සභාපති කරයි..

Maimoonar