January 23, 2026
Local NewsNews

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

මෙම දිනවල ළමුන් අතර වෛරස් උණ රෝග කිහිපයක් පැතිර යමින් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

ඒ අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය ද වන බව පැවසීය.

කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව ,උණ,හිසරදය සහ වමනය යන රෝග ලක්ෂණ ඇත්නම් එය ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය විය හැකිය.

ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉක්මනින් බෝවන රෝගයක් බව වෛද්‍යවරයා පැවසීය.

ඒ අනුව පාසල්වල,දිවාසුරැකුම් මධ්‍යස්ථාන වල මෙම රෝග ලක්ෂණ ඇති දරුවන් සිටිනම් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

මේ අතර මේ දිනවල දරුවන් අතර අත්පා මුඛ රෝගය පැතිර යමින් තිබේ.

එහිදී කට වටේ හෝ කට ඇතුලේ රතු ළප ඇතිවිය හැකිය.

අත්ලෙ සහ කකුලේ වතුර බිබිලි මතුවිය හැකි බව පැවසීය.

උණ ද දින දෙකක් පැවතිය හැකිය.

පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල එම රෝගය පැතිර යාමේ වැඩි අවධානමක් පවතියි.

ඉන්ෆ්ලුවෙන්සා සහ අත්පා මුඛ රෝගය වැළඳුණු දරුවන් හැකිතාක් ආරක්ෂා කාරීව නිවසේ රඳවා ගැනීම ඉතා වැදගත් බව පැවසීය.

ඩෙංගු රෝගය ද පැතිර යාම වේගවත් වී ඇතිබව වැඩිදුරටත් පැවසීය.

Related posts

මත්පැන් බලපත්‍රයක් අහෝසි නොකලහොත් කිසි අපෙක්ෂකයෙකුට ජන්දය දෙන්නෑ කියමින් විරෝධතා…

Maimoonar

මහර පිපුරුම පිටුපස බන්ධනාගාර රෝහලේ ප‍්‍රධානියෙක්

Maimoonar

හෙට පෝයට පන්සල් එන්න එපා.. කොරෝනා මඩින්න ගෙදර ඉන්න..- අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ගෙන් ඓතිහාසික දැනුම් දීමක්..

Maimoonar