January 8, 2026
Local NewsNews

කැළණි ගග උතුරයි.. මහ ගංවතුරක් කොළඹ බලා…

කැලණි ගඟෙහි පෝෂක ප්‍රදේශ වලට ගතවූ පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය 48 තුල ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම ගංවතුර අවධානම පවතියි.

ඒ පිළිබඳව එම ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළයුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

නාමල් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කොරෝනා විදේශාධාර බාරගනී

Maimoonar

රනිල් වරප‍්‍රසාද ඉල්ලූ ලිපිය ජනපතිගේ අවධානයට

Maimoonar

තනි ජීවි­ත­ය­කට හික්මීම අව­ශ්‍ය­­මයි ශ්‍රී ලාංකේය ව්‍යාපා­රික ලෝකයේ කාන්තා සල­කුණ ඔටාරා

Maimoonar