27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

වෑන් රථයක් හොරකම් කර සගවාගනී..

මස්කෙලිය ප්‍රාදේශිය සභාව අසල ගාල් කර තිබු ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සොරාගෙන ගොස් වව්නියාව මල්ලාවි ප්‍රදේශයේ නිවසක සගවා තිබියදි හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් සොයාගෙන ඇත.

මස්කෙලිය ප්‍රදේශයේ පිහිටි නිවසකට ඥාතින් පිරිසක් රැගෙන පැමිණ ඇති වෑන් රථය මස්කෙලිය ප්‍රාදේශිය සභාව ඉදිරිපිට ගාල් කර තිබියදි ඉකුත් (08) දින රාත්‍රියේ වෑන් රථය අතුරුදහන් වි ඇති බවට වෑන් රථයේ හිමිකරු විසින් මස්කෙලිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතාගේ උපදෙස් මත වෑන් රථය සම්බන්ධයෙන් විමර්ෂණ ආරම්භ කල හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් වෑන් රථය සොරාගත් රත්නපුර ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු සැකපිට අත්අඩංගුවට ගෙන සිදු කල විමර්ෂණයකදි වෑන් රථය කැබලි කර විකිණිමට හෝ වෑන් රථය විකිණිම සදහා වව්නියාව මල්ලාවි ප්‍රදේශයට රැගෙන ගොස් නිවසක සගවා තිබු බවට අනාවරණය වි ඇත.

ඒ අනුව හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් එම ප්‍රදේශයට ගොස් වෑන් රථය සොයාගෙන සොරකමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු තවත් වාහන මෙවැනි ආකාරයට සොරාගෙන ඇති බවට සැකකරන නිසා ඒ පිලිබදව පුළුල් විමර්ෂණය ආරම්භ කර ඇත.

Related posts

නිව් ඩයමන්ඩ් – මෙරට මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අවසර

Maimoonar

මාලිමාව යටතේ නියම නීති පද්ධතියක්… ගමේ ප්‍රශ්න සරලව බේරාගන්න ක්‍රමයක්…

Maimoonar

විදුලි සංදේශ බදු සහන තවමත් අන්තර්ජාල ගාස්තුවලට ලැබි නෑ…

Maimoonar