Local NewsNews

සීගිරිය මුදුනේදී සංචාරකයෙකු මිය යයි…

සීගිරිය පර්වතයේ බිතු සිතුවම් ගුහාව අසලදී එංගලන්ත ජාතිකයකුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සීගිරිය, කිඹිස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සුළු මොහොතකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Caitano Rancisco නමැති වයස අවුරුදු 70 ක පුද්ගලයෙක් වන බව සීගිරිය පොලිසිය පවසයි.

මිය ගිය විදේශිකයා අහුන්ගල්ල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැනීමෙන් අනතුරුව තම පවුලේ සාමාජිකයන් සමඟ සීගිය නැරඹීමට සීගිරියට පැමිණ සීගිරිය තරණය කරන අතරේදී බිතු සිතුවම් ගුහාව අසලදී හදිසි අසනීප තත්ත්වයක් පෙන්නුම් කළ බැවින් ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂක අංශයේ සහාය ඇතිව ඔහු සීගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට තිබේ.

රෝහලට ඇතුළත්කොට සුළු මොහොතකින් ඔහු මියගොස් ඇතැයි වාර්තා වේ.

දැනට විදේශිකයාගේ මෘත දේහය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි දඹුල්ල රෝහල් පොලිසිය පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව සංචාරකයා සමඟ පැමිණි ඥාතීන්ට දේහය භාරදීමට නියමිත බව දඹුල්ල රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

Related posts

“වැදගත් 225 නෙවෙයි, මහජනතාවගේ ආරක්ෂාවයි” 225ට පොලිස් ආරක්ෂාව වැඩි කරන්නැයි කියු බුද්ධික පතිරණගේ ඉල්ලීමට ඇමති චමල්ගෙන් සැර පිළිතුරක්

Maimoonar

රනිල් අත්අඩංගුවට ගැනීම නාට්‍යයක් – ඩී. ඊ. ඩබ්ලිව්. ගුණසේකර

Maimoonar

චිමිනි ලාම්පුවක් 1000යි.. ලන්තෑරුමක් 1200යි…

Maimoonar