26.1 C
Colombo
January 15, 2026
International NewsNews

නව රජයක් සමගත් සාකච්චා සූදානම්.. ණය ප‍්‍රතිව්‍යුහගත කරණය අපේ වැඩක් නොවේ…- IMF මාධ්‍ය හමුවක

ඉදිරි ජනාධිපතිවරයෙන් පසු පත්වන නව පාලනය සමඟ තම වැඩසටහන ඉදිරියට ගෙන යාමට සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරයි.

ශ්‍රී ලංකාව මෙම වැඩසටහන මගින් සැලකිය යුතු ජයග්‍රහණ අත්කරගෙන ඇති නමුත් අර්බුදයෙන් ගොඩ ඒමට මෙම ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් බව ද එම අරමුදල කියා සිටී.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය ජුලි කොසැක් මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකාව මුල්‍ය අරමුදල සමග ඇතිකරගත් වැඩසටහන තුල උද්දමනය පහළ යමින් ඇති බවත් සංචිත ඉහළ යමින් ඇති බවත් පැන්වා දුන් ඇය මෙම තත්වය ඉදිරියටද පත්වා ගැනීම අත්‍යවශ්‍ය වන බවද කියා සිටී.

රට තවමත් පවතින්නේ ආර්ථික අර්බුදයක බවත් ලබා ගත් ජයග්‍රහණය ආරක්ෂා කරගැනීම ඉතා වැදගත් බවද ඇය අවධාරණය කරන්නීය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහභාගි නොවන බවද පවසන ඇය එම සාකච්ඡා සිදු කරන්නේ ණය හිමි සාමාජික රටවල් හා අදාල රට අතර පමණක් බවද කියා සිටී.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්යභාරය ණය තිරසර භාවය සම්බන්ධයෙන් තක්සේරුවක් කිරීම පමණක් බවත් ඇය තවදුරටත් කියා සිටියාය.

‘වැඩසටහනේ ප්‍රගතිය ශක්තිමත්. ප්‍රතිසංස්කරණ උත්සාහයේ ප්‍රතිඵල ලැබෙනවා. ආර්ථික වර්ධනය සුබදායි වෙලා. උද්ධමනය අඩුවෙනවා. සංචිත, ජාත්‍යන්තර සංචිත වර්ධනය වෙනවා. ආදායම් ශක්තිමත් වෙනවා. නමුත් සමහර අවදානම් තවමත් තියෙනවා. ඒ නිසා ප්‍රතිසංස්කරණ තිරසරව පවත්වාගෙන යාම වැදගත්.

පළමුවෙන්ම, සඳහන් කළ යුතුයි, එළැඹෙන මැතිවරණය, ඇත්ත වශයෙන්ම එය ශ්‍රී ලංකා ජනතාව තීරණය කළ යුතු දෙයක්. ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණුතම අර්බුදයකින් ගොඩ ඒමට IMF වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම ප්‍රමුඛ කරුණක්. රට සම්පූර්ණයෙන්ම අර්බුදයෙන් මිදිලා නැහැ. එබැවින් අමාරුවෙන් ලබාගත් ජයග්‍රහණ රැක ගැනීම වැදගත්’

Related posts

පෞද්ගලික රෝහලක් PCR ජාවාරමක.. පොසිටිවු වාර්තා විනාශ කරලා.. ජනපති නියෝගයෙන් පරීක්‍ෂණ…

Maimoonar

SJBට ආණ්ඩුවට ඒම හැර විකල්පයක් නෑ.. නාවොත් උඩම ඇවරිය ආණ්ඩුවට

Maimoonar

ලක් රජය ජිනීවාහිදී කොටු කරන යෝජනා වවුනියාවේදී හදයි..

Maimoonar