BusinessBusiness NewsNews

දැන් සල්ලි තියෙනවා.. වාහන ගෙන්වනවා..

රටේ අවශ්‍යතාවය අනුව ඉදිරියේදී වාහන ආනයනය කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

තවදුරටත් වාහන ආනය වසා තබාගෙන සිටීමට රජය සූදානම් නැති බවත් ඔහු සදහන් කලේය.

අද වන විට ඩොලර් බිලියන පහමාරක පමණ සංචිත ප්‍රමාණයක් රජය සතු බවත් ඔහු තවදුරටත් මාධ්‍ය අමතමින් කියා සිටියේය.

‘දැන් ඉතුරුවෙලා තියෙන්නේ වාහන පමණයි. ඒවත් අවශ්‍යතාවය මත ගේන්න ඉඩ දෙනවා. සංචාරක කර්මාන්තයට අපි වැඩපිළිවෙළක් යොදලා තියෙනවා. අවශ්‍ය පරිදි වාහන ගේන්න අනුමැතියක් ඇතිව.

එකෙන් දෙන පණිවූඩය මොකක්ද? අපිට මේක වහගෙන ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි අපිට අවශ්‍යයි රට නැවත අර වාගේ හිරවෙන්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න. දැන් අපි ඩොලර් බිලයන 5.5ක සංචිතයක් තියාගෙන ඉන්නවා. අපිට ගැලපෙන පරිදි, රටේ අවශ්‍යතාවය පරිදි, ඒක කරන්න අපි සූදානම්’

Related posts

මුස්ලිම් මෘත දේහ බලෙන් ආදාහනය නොකල යුතුයි.. එය මානව හිමිකම් කැඩීමක්.. මුස්ලිම් ජනතාවගේ ආගමික විශ්වාසයට ඉඩ දිය යුතුයි..

Maimoonar

කන්න නෑ කියා පැන්න ශ‍්‍රී ලංකික සරණාගතයන් 19ක් ඉන්දියාවේදී අල්ලාගනී..

Maimoonar

අත්‍යවශ්‍ය කරුණකට පමණක් පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරන්න

Maimoonar

2 comments

Comments are closed.