27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කිරීමට ඉසුරුපායෙන් ලිපි නෑ…

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් නොකරන බව මෙයින් දැනුම් දෙන අතර 2024 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු වේ.

එම පාසල්වල පුරප්පාඩු පවතී නම් විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ප‍‍්‍රකාර ව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ඇත.

තව ද අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළ ඉල්ලීම් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට නොපැමිණෙන ලෙසට අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

මාධ්‍ය ඒකකය

Related posts

චම්පිකගේ රාජගිරිය අනතුර නඩුවේ සාක්‍ෂිකරුවෙන් පොහොට්ටු කාර්යාලයෙන් පුරුදු කල බව පිලිගත්තා.

Maimoonar

ජනවාරියේ සිට වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළට

Maimoonar

කොළඹ පාළුවට යයි.. ඉන්ධන නෑ..

Maimoonar