Local NewsNews

උෂ්ණත්වය තවත් ඉහලට.. දරුවන් රැකගන්න වෛද්‍ය උපදෙස් මෙන්න..

පවතින ඉහළ උෂ්ණාධික කාලගුණ තත්වය හේතුවෙන් කුඩා දරුවන්ට වැඩි වශයෙන් ජලය ලබාදිය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

අප්‍රේල් මාසයේ මැද වගේ වනතුරු අධික උෂ්ණාධික කාලගුණ තත්වය ශ්‍රී ලංකාවට පැවතිය හැකිය.

ඒ හේතුවෙන් කුඩා දරුවන් සහ වැඩිහිටියන් විජලනයට පත්විය හැකිය.

එලෙස විජලනයට පත්වූ විට හිසරදය,වමනය ,ඇගපත වේදනාව ,නින්ද නොයාම,කලන්තය,මුත්‍ර නොයාම,මුත්‍රා තද පැහැයට හැරීම නිරීක්ෂණය කර හැකිය.

ඒ හේතුවෙන් හැකිතාක් ස්වාබාවික දියරමය ආහාර ගැනීම ඉතා වැදගත් වෙයි.

එහිදී විශේෂයෙන්ම කැල්සියම් සහිත දියරමය ආහාර ගැනීම ඉතාම වැදගත්ය.

තැබිලි වතුර ,පොල් වතුර,නාරං යුෂ සහ කැදවර්ග එහිදී පහසුවෙන්ම ආහාරයට ගැනීමට හැකි බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

අලු සමග නැගිටින රැස්වීම මං කරන්නේ නෑ.. මහින්ද තවත් දේශපාලනය කරන්නේදැයි තීන්දුවක් ගත යුතුයි..- ප‍්‍රසන්න

Maimoonar

නාමල් රටින් පලා යයිද…

Maimoonar

කරාපිටිය රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි..

Maimoonar