Local NewsNews

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

සිය නීතිඥවරුන් හරහා ගොනුකර ඇති මෙම පෙත්සමෙන් ඔහු සඳහන් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගෙන කිසිදු සාධාරණ හේතුවක් නැතිව රක්ෂිත බන්දනාගාර කිරීම තුළින් තම මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වී ඇති බවයි.

පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

මෙම වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන සීයක වන්දියක් අයකර දෙන ලෙසද පෙත්සම්කරු තවදුරටත් ඉල්ලයි.

Related posts

කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරණ මහ සිකුරාදා අදයි

Maimoonar

රනිල් වික්‍රමසිංහ වටා විපක්ෂය රොද බඳියි: NPP ආණ්ඩුව ඒකාධිපතිත්වයට යන බවට චෝදනා

Maimoonar

පාවිච්චි කරන රටේවත් හරි පිළිගැනීමක් නැති එන්නතක් අපිට වැඩක් නෑ – GMOA

Maimoonar