27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

බෙලිඅත්තේ ඝාතන පැජරෝව විද්‍යාලෝක පිරිවණෙන් හමුවේ..

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය සිදුකිරීමට වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය ජිප් ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබී සොයා ගෙන ඇතිබව ගාල්ල පොලිසිය පවසයි. එම රථය පොලිස් ආරක්ෂාව යටතේ තිබේ.

එම සිද්ධියෙන් විනාඩි 40කට පමණ පසුව මාතර – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ කඹුරුපිටිය වටරවුම අසලදී වෙඩි තැබීමට පැමිණි ජීප් රථයේ සිටි වෙඩික්කරුවකු බවට සැකකෙරන පුද්ගලයෙක් ඉන් බැසයන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

මදක් ඉදිරියට යන ඔහු නැවතත් කඹුරුපිටිය බස් නැවතුම්පොළ දෙසට ගමන්කරන අයුරු දැකගත හැකි පොලිසිය පවසයි. අනතුරුව ඔහු මාතර දෙසට ධාවනය වන බස් රථයකට නැග එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

කෙසේවෙතත් අදාළ පුද්ගලයාගේ අනන්‍යතාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නොමැත.

පසුගිය 22 වනදා උදෑසන තංගල්ල බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ඇතැළු පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.

උදෑසන 08.40 පමණ මෙම වෙඩිතැබීම සිදුව තිබේ.වෙඩිතැබීම සිදුවු ස්ථානයේම පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එක් පුද්ගලයෙක් තංගල්ල රෝහලට ඇතුළත් කර සිටිය දී ජීවිතක්ෂයට පත් විය.

සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

සමගි ජන බලවේගය මන්ත්‍රීවරු 09ක් නෙරපයි.. කතානායකට දන්වයි..

Maimoonar

අලුත් ව්‍යවස්තාව මහා භයානක එකක්.. මේ හදන්නේ රාජපක්‍ෂලාටම සීමා වූ ආණ්ඩුවක් හදන්නයි..

Maimoonar

ධීවරයන්ට මසුන් සිටින තැන් සොයා දෙන නව ජංගම දුරකථන යෙදුමක් පිළිබඳව මතභේදයක්

Maimoonar

228 comments

Comments are closed.