NewsPolitical

තානාපති සේවයට තව පිරිස් ඉක්මනින් පත් කරන්න ඔ්නෑ..

‘පවතින පුරප්පාඩු සපුරාලීමට තානාපති සේවයට අලුතින් බඳවා ගැනීමට කටයුතු කරනවා’ යයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා පවසයි.

අයවැය කාරක සභා අවස්ථාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂයට එක්වෙමින් ඔහු මෙසේ පැවසීය.

“අපේ විදේශ සේවයේ දී ඉතාම සීමාසහිත පිරිසක් එක්ක තමයි අපිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ. අපේ තානාපති සේවයේ රටවල් 55 ලෝකයේම ඉන්නෙ 168 දෙනයි. 264 දෙනෙකු අනුමත වෙලා තිබුණත් 2018 ඉඳලා අපිට බඳවා ගන්න බැරි වෙලා තියෙනවා.

බඳවා ගැනීමේ පටිපාටියක් දැන් තියෙනවා.හොඳම අය තෝරාගෙන මේ විදේශ සේවය ශක්තිමත් කිරීමට අපිට අවස්ථාවක් ලැබෙයි කියලා මම හිතනවා. ඊට පස්සෙ අපි ක්‍රමවේදයක් සකස් කරන්නට ඕනෙ හැම අවුරුද්දෙම යම් දක්ෂ නිලධාරීන් ප්‍රමාණයක් බඳවා ගන්න”

– Media unit

Related posts

කොරෝනා රෝගීන් රෝහල්වල පිරී ඉතිරේ.. ආසාදිතයන් නිවසේ සිට ප‍්‍රතිකාර ක‍්‍රමයකට යෝජනා.. වෛද්‍ය උපදෙස් දුරකතනයෙන්..

Maimoonar

සජිත් ඓතිහාසික වගකිමක් කරට ගනී.. අන්තර්පාලනයකට එකග වේ…

Maimoonar

නෙත් නිවුස් අනාවරණයෙන් පසු LTTEය ප්‍රවර්ධනය කළ කල්ලිය සොයා මෙහෙයම් – එක් අයෙක් අත්අඩංගුවට

Maimoonar

4,682 comments

Comments are closed.