29.5 C
Colombo
February 12, 2026
BusinessBusiness NewsNews

ජල ගාස්තුවට මිල සූත‍්‍රයක් සූදානම්.. අඩු කරන්න නම් බෑ..

ජල ගාස්තු අය කිරීම සඳහා ඉදිරියේදී ජල සූත්‍රයක් හඳුන්වා දෙන බව ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

විදුලි ගාස්තු වැඩිවීමත් ඩොලරයේ මිල ඉහළ පෑම පහල යාමත් ජල ගාස්තු වැඩි වීම කෙරෙහි සෘජුවම බලපාන බැවින් ඊට සාපේක්ෂව මෙම සූත්‍රය හඳුන්වා දෙන බවද හෙතෙම පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

යෝජිත ජල ගාස්තුවට අදාල අවසන් කෙටුම්පත මෙම මාසයේදී සකසා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසූ ඔහු පාසල් රෝහල් හා පුණ්‍ය ආයතනය සඳහා සහන ගාස්තු ක්‍රමවේදයකට ජල සැපයුම ලබා දෙන බවද සඳහන් කළේය.

ජල සම්පාදනයට විශාල පිරිවරක් දැරීමට සිදුවන බැවින් මේ මොහොතේ ජල ගාස්තුව අඩු කිරීමේ හැකියාවක් නැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

රනිල්-සජිත් එක් කිරීමේ තීරණාත්මක මෙහෙයුමක් ඇරඹේ..

Maimoonar

ශ‍්‍රී ලංකාවට ඩොලර් හා යුරෝ ආධාරයක්…

Maimoonar

නව සීමා යටතේ උපකාරක පංති ආරම්භ කිරීමේදී ගැටලු රැසක්

Maimoonar

31 comments

Comments are closed.