Local NewsNews

ලංකාවේ දිගම සෙල්ලිපිය කදු මුදුනෙන් හමුවෙයි…

දිඹුලාගල කදු මුදුනින් අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් විශාල ප්‍රමාණයෙ සෙල්ලිපියක් හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රදේශවාසියෙකු ලබාදුන් තොරතුරකට අනුව සොයා බැලීමේදී එය හමු වූ බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අඩි 45 දිග අඩි 15 උස මෙම සෙල්ලිපිය මෙතෙක් මෙරටින් සොයාගත් දිගම සෙල්ලිපිය ලෙස සැලකේ.

දිබුලාගල ආරණ්‍ය සේනාසනය පිහිටි කදු මුදුනේ කිලෝමීටර් 03.5ක දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ ගිය පසු එය හමුවෙයි.

ගල් දෙකක කැපුම් තල දෙකක් මත නෙළා ඇති එම සෙල්ලිපිය පර්වත ලිපි ගනයට අයත් වෙයි.

එහි නෙලා ඇති අක්ෂර පූර්ව බ්‍රාක්මීය ගණයට අයත් බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

මට මැරෙන්න වෙන්නේ හොරා කියලා අහගෙනද..- මහින්ද

Maimoonar

ශ‍්‍රී ලන්කන් පුද්ගලීකරණය කරයි.. සේවකයන් වන්දි ගෙවා විශ‍්‍රාම ගන්වයි…

Maimoonar

ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබයි…

Maimoonar