Business Business News News

එළවළු මිලෙහි සීඝ්‍ර වැඩිවීමක්…

දැනට දින කිහිපයකට පෙර සිට එළවළු මිලෙහි සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන අතර නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය බලධාරීන් මෙය මිල ඉහළ යාමක් දැක්කද අපට එය කිසිසේත් පිළිගත නොහැකි අතර එම මිල කෙරෙහි සෑහීමකට පත් වීමට නොහැකි බව නුවරඑළිය ගොවි ජනතාව මැසිවිලි නගති ,

වැඩිදුර අදහස් දක්වමින් ගොවීන් කියා සිටියේ දැනට වසර කිහිපයකට ප්‍රථම මේ තියෙන එළවළු මිල තිබ්බනං අපි ගොඩක් සතුටු වෙනවා මොකද ඒ කාලේ හැටියට මේක ලොකු ගානක් ,

අද ලීක්ස් කිලෝව රුපියල් 200යි , කැරට් රුපියල් 300 ,අර්තාපල් රුපියල් 240 , බීට් රූට් රුපියල් 220 , රාබු රුපියල් 140 , ගෝවා රුපියල් 300 යි ,

උදාහරණයක් හැටියට මේ තියෙන පොහොර මිල බීජ වර්ග වල මිල කෘමිනාශක වගේ දේවල් වල මිල ගණන් එක්ක  ලීක්ස් වගේ එළවළුවක් ගත්තහම අපිට කිලෝවක් හදන්න යනවා රුපියල් 150ක් ඒත් විකුනන්නෙ මිල රුපියල් දෙසීයයි ප්‍රවාහන වියදම එකතු කරලා බලද්දි අපිට ලාභයක් නෑ තාමත් අපි දුක් විඳිනවා හැමදාමත් රජයෙන් කරන්නේ ගොවීන්ට අසාධාරණයක් ,

අපි රජයෙන් ඉල්ලා සිටින්නේ ගොවීන්ට සාධාරණයක් කරන ලෙසයි ,

ගොවියන්ට අසාධාරණයක් වෙන වන මූලික තැනක් තමයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය තියෙන මිල දර්ශකය ,

උදේ 10 11 වෙද්දි තමයි මිල දර්ශකය ප්‍රදර්ශනය කරන්නේ එහෙත් කලින් දවසෙ මිල ගණන් වලට උදේ පාන්දර ඇවිත් ලොකු ලොකු කඩවල් වල  මුදලාලිලා එළවළු ටික ගලවන් යනවා ,

එයාලා දෙන්නෙ පරණ මිල හැරෙන්න අලුත් මිලක් නෙමෙයි පරණ මිලත් දෙන්න කිලෝවකට තවත් රුපියල් තිහක් වගේ අඩු   කරලා ,

ඇහුවම කියන්නේ තෙල් මිල වැඩි ප්‍රවාහන ගාස්තු වැඩි වැඩ කුළී වැඩි ඒ නිසා අපිට ඒ ගානට තමයි ගන්න පුළුවන් කියලා ,

මේ අරහා වෙන්නේ තනිකර මාෆියාවක් එළවළු වලින් හම්බ කරන්නේ අතරමැදියන් හැරෙන්න ගොවියන් නෙමෙයි ගොවියන් සදා අනාථයි ,

ගොවීන් නගන චෝදනා පිළිබඳව නුවරඑළිය විශේෂිත ආර්ථික  මධ්‍යස්ථානය සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතාගෙන් අප කල විමසුමකට ඒ මහතා කියා ගොවි නිෂ්පාදන වෙනුවෙන් උපරිම මිලක් ලබාදීමට නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය කටයුතු කරන බවයි ,

වැඩිදුර අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ අද එළවලු තොග ගන්න මිල අද ලීක්ස් කිලෝව රුපියල් 200යි , කැරට් රුපියල් 300 ,අර්තාපල් රුපියල් 240 , බීට් රූට් රුපියල් 220 , රාබු රුපියල් 140 , ගෝවා රුපියල් 300 යි ,

අනිත් හැම ආර්ථික මධ්‍යස්ථානයකම කරන්නේ කොමිස් බිස්නස් එකක් ඒ කියන්නේ ගොවියා ම තමන්ගේ එළවළු ටික ගලවලා ආර්ථික මධ්‍යස්ථානයට ගෙනත් දෙනවා ඒකෙන් ගොවියට අසාධාරණයක් වෙනවා ස්ථාවර මිලක් තියෙන්නෙ නෑ උදේට එක මිලක් නම් හවසට තව මිලක් ,

අපි ගොවිය ගාවටම ගිහිල්ලා ගලවන කොට ගලවනකොට ස්ථාවර මිල දෙන්න පුළුවන් දවසම එකම මිලට තමයි ගලවන්නේ ,

ගොවියාට පාඩුවක් වෙන්න හොඳ නැහැයි කියන නිසා තමයි හරි මිල දැනගන්න කල් අරගෙන නමයෙන් පස්සේ මිල දර්ශකය ප්‍රදර්ශනය කරන්න ඒකෙන් ගොවියට වෙන්නේ වාසියක් මිස අවාසියක් නෙමෙයි ,

එළවළු ගැනුම් මිල හා විකුණුම් මිල අතර පරතරය සසඳා බැලීම සඳහා නුවරඑළිය  ආර්ථික මධ්‍යස්ථානය තුළම පිහිටි එළවළු  සිල්ලර වෙළඳ සැලකින් අප කළ විමසුමට ක්‍රියාකාරිකයන් කියා සිටියේ කිලෝවක් රුපියල් 360 ත්  , ලීක්ස් කිලෝව රුපියල් 280 ත් , බීට් කොලෝවක් රුපියල් 380  , ගෝවා කිලෝවක් රුපියල් 340 , අර්තාපල් රුපියල් 320 යන මිල ගණන් වලට විකුණන බවයි ,

වගාවෙන් එළවළු ගලවන මුදලට වඩා රුපියල් 10ක් වගේ ලාභයක් තබාගෙන විකුණනවා යැයි ඔවුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්  සඳහන් කළ ද බහුතරයක් එලවන සඳහා රුපියල් අසූවක් අනු වත් අතර ලාභයක් ලැබෙන බව ගැනුම් මිල හා විකුණුම් ලෙස දීමේදී අපට අනාවරණය කරගත හැකිය .

– රංජිත් රාජපක්ෂ

Related posts

සත්තු වත්ත අද නොමිලේ…

Shiran Viraj

උෂ්ණත්වය තවත් ඉහලට.. දරුවන් රැකගන්න වෛද්‍ය උපදෙස් මෙන්න..

Shiran Viraj

බන්ධනාගාර තුල ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කරන්න – ජනාධිපති

Shiran Viraj

69 comments

Comments are closed.