Local News News

බස් ගාස්තු ඉහලට..?

ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමග බස් ගාස්තු ඉහල දැමීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

අවම වශයෙන් 5%ක ප්‍රතිශතයකින් හෝ බස් ගාස්තු ඉහල දැමීමට රජය අවසර දිය යුතු බවද සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ඉන්ද්‍රජිත් මහතා පැවසීය.

ඊයේ මධ්‍යම රාත්‍රී සිට ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් හා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62 ඉහළ නංවා තිබීම මත මෙසේ බස් ගාස්තු වැඩි කිරීම සිදු කළ යුතු බවද හෙතෙම කියා සිටී.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ ඉන්ධන මිල ඉහළ දැම්මද බස් ගාස්තු ඉහළ දමා නොදමන බවයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව ඉන්ධන මිල ඉහළ යාම 4% ට වඩා වැඩි වුවහොත් පමණක් බස් ගාස්තු ඉහළ දැමිය හැකි බවයි.

නමුත් රුපියල් දහයකින් මිල ඉහළ යෑම 2%ක පමණ ප්‍රතිශතයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

Related posts

ජල ගාස්තුවේ සංශෝධනයක්

Shiran Viraj

පොලිස් අපරාධ කොට්ඨාසය පොලිසියෙන් වටලයි…

Shiran Viraj

මාස්ක් දැමීම, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම පාසල් සිසුන්ට අනිවාර්ය කරන්න – වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලයි

Shiran Viraj