February 12, 2026
Local NewsNews

ජලාශ පිටාර මට්ටමේ.. ජල විදුලි බලාගාර විදුලි උත්පාදනය උපරිමයෙන්..

කාසල්රි සහ මවුස්සාකැලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයන් දෙකෙහි ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පැවසිය.

කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 155 ක් වන අතර , ජලාශයේ ජල මට්ටම අඩි 140 දක්වා ඉහල ගොස් ඇති බවත්, මවුස්සාකැලේ ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 120 ක් වන අතර , එම ජලාශයේ ජල මට්ටම අඩි 108 දක්වා ඉහල ගොස් ඇති බවයි ජලාශයන් භාර ඉංජිනේරුවරුන් කියා සිටියේ.

ජලාශ දෙකේම ජල ධාරිතාව 90% දක්වා ඉහල ගොස් ඇති නිසා විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ කැනියොන් යන ජල  විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවත්, පවතින අධික වර්ෂාව තව දින කිහිපයක් පැවතිය හොත් එම ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටමට පැමිණිය හැකි බව ජලාශ භාර ඉංජිනේරුවන් වැඩිදුරටත් පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Related posts

මහ පාරේ වෙඩි තබා මරයි..

Maimoonar

ජනාධිපතියි මාවයි පොහොර යුද පිටිය මැද දමලා අනෙක් ඔක්කොම පැනලා ගියා…

Maimoonar

ශ‍්‍රී ලංකාව තරග දෙක ජය ගත්තොත් මීලග ලෝක කුසලානයේ දෙවන වටයට..

Maimoonar