NewsPolitical

Channel4 මාරුවී චාමර සම්පත් Channel Eyeට දිගට හරහට බැනවදී…

පාස්කු ඉරිදා මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එංගලන්තයේ චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කර ඇති නවතම වීඩියෝ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ දිනයේ උණුසුම් වාද විවාද ඇතිවිය.

එහිදී රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට අවස්ථා කිහිපයකදීම චැනල් ෆෝ නාලිකාවේ නම මාරු විය.

ඔහු චැනල් ෆෝ නාලිකාව වෙනුනට දිගින් දිගටම සඳහන් කරන ලද්දේ චැනල් අයි නාලිකාව ලෙසයි.

චැනල් අයි නාලිකාවට යුද්ධ කාලයේ පටන් රාජපක්ෂලා සමග තරහක් තිබූ බවත් චැනල් අයි නාලිකාව කොටි සංවිධානයේ ඝාතන පවා රාජපක්ෂලාගේ ගිණුමට බැර කළ බවත් ඔහු එහිදී සඳහන් කළේය.

කිහිප අවස්ථාවක්ම නම වැරදවීමෙන් පසුව සෙසු මන්ත්‍රීවරුන් එය පෙන්වා දුන් පසු සමාව ගෙන නැවත නිවැරදි  කිරීමට ද රාජ්‍ය ඇමතිවරයා  කටයුතු කලේය.

Related posts

පිරවුම්හලකට ගල්මුල් ගසති.. විශාල පිරිසක් අත්අඩංගුවට…

Maimoonar

තවත් අනතුරක් ද?

Maimoonar

තේරීම් කාරක සභාව පස්වරු 02 ට රැස්වෙයි

Maimoonar

1 comment

Comments are closed.