27.6 C
Colombo
July 5, 2024
Local News News

ෆාමසිවල ව්‍යාජ බෙහෙත්.. ඇතුලෙ තියෙන්නෙ පිටි විතරයි..

‘සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ ලියාපදිංචි නැති සමාගම් අතර සම්බන්ධයක් තියෙනවා. අමාත්‍යාංශ ලේකම්ට අසීමිත බලයක් දෙන්න එපා. කමිටුවක් පත් කරනවා නම් කමිටුවට නෛතික බලයක් දෙන්න’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහි විවාදයට එක්වෙමින් අද පාර්ලිමේන්තුවේදී ඔහු මෙසේ පැවසීය.

මේ රජය බලයට පත් වූ දා සිටම සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇද වැටුණා . ඔබතුමාට මතක ඇති,2020 මුල් භාගයේ දී කෝවිඩ් වසංගතය ඉදිරියේදී ලංකාවට එන බව අපේ විපක්ෂ නායකතුමා දෙවතාවක් දැනුම් දුන්නා.ඒ වෙනකොට ආණ්ඩු පක්ෂයේ අය කෝවිඩ් වසංගතය ගැන අහලවත් තිබුනෙ නෑ.එදා සමච්චල් කෙරුවා.කීප වතාවක් අවවාද කෙරුවත් අවශයබෙහෙත් ලංකාවට ගෙනාවෙත් නෑ,ගුවන්තොටුපළේ පරීක්ෂණ කෙරුවෙත් නෑ.ඇත්ත වශයෙන්ම ආණ්ඩුවට මුදල් තිබුණෙ නෑ බෙහෙත් ගෙන්වන්න.බෙහෙත් ගෙන්වනකන් ධම්මික පැණිය මිනිස්සුන්ට බොන්න කිව්වා.කථානායකතුමනි මේ පාර්ලිමේන්තුවෙදී ඔබතුමත් ධම්මික පැණිය බිවුවා.කැලණි ගඟට මුට්ටි දැම්මා ,මේ වගේ ලිංමැඩි උත්තර තමයි ආණ්ඩුව දුන්නෙ.

නිදහස් සෞඛ්‍ය සේවයේ අද තියන ලොකුම ප්‍රශ්නය තමයි මහජන විශ්වාසය අද නැති වීම.වෛද්‍යවරු ගණනාවක් සමඟ අපි සාකච්ඡා කළා.ඒ හැම කෙනාම කියන්නේ වෛද්‍ය සේවාව පිළිබඳ තිබ්බ විශ්වාසය සම්පූර්ණම පලුදු වෙලා කියලයි.කොහොමද අපි මේක නැවත ඇති කරන්නේ?රටේ මතයක් තිබ්බා බරපතළ රෝගී තත්වයක් ඇතිවුනාම ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට යන්න කියලා , පෞද්ගලික රෝහලට ගියේ නෑ .මොකද රජයේ රෝහල හොඳට සාත්තූ කෙරුවා .නමුත් අද ඒකේ අනිත් පැත්තයි වෙන්නේ.එදා ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාට වෙඩි තිබ්බ වෙලාවේ ආණ්ඩුව හැදුවා එතුමාව පිටරට අරන් යන්න නමුත් ලෙඩ ඇඳේ ඉඳන් එතුමා කිව්වා මට අපේ වෛද්‍ය සේවාව පිළිබඳවත් වෛද්‍යවරු පිලිබඳවත් අසීමිත විශ්වාසයක් තියෙනවා කිව්වා.අපි ජාත්‍යන්තරව සම්මන්ත්‍රණ වලට සහභාගි උනාම අපේ නිදහස් වෛද්‍ය සේවාව පිළිබඳ ආඩම්බරයෙන් කතා කළා.නමුත් අද මොකක්ද වෙලා තියෙන්නේ.අද රජයේ රෝහල් අත්හැරලා පෞද්ගලික රෝහල්වලට සංක්‍රමණය වෙනවා.

ඔක්කොම කියනවා මෙ අර්බුදය මුදල් නැති නිසා කියලා.නමුත් අපි ඖෂධ සඳහා හතර ගුණයක් මුදල් වියදම් කරලා තියෙනවා.මුදල් වැය කරා නම් මොකක්ද මේ වෙලා තියෙන්නෙ.මේක මුදල් ප්‍රශ්නයක් නෙමෙයි.අමාත්‍යංශයේ ලේකම් NMR එකට කියනවා මේ මේ බෙහෙත් ගේන්න කියලා.ලියා පදිංචි නැති සමාගම්වලින් බෙහෙත් ගේන්න කියනවා.මම ගරු ඇමතිතුමාගෙන් අහනවා එහෙම ගේන්න කිව්වම NMR එකට බලයක් තියෙනවද එය ප්‍රතික්ශේප කරන්න?ගරු කථානායකතුමනි පනත අනුව කමිටුවකට යායුතුයි .විශේෂඥ වෛද්‍ය ආනන්ද විජෙවික්‍රම මහතා මෙහෙම කියනවා , විශේෂඥ වෛද්‍ය කමිටු යෝජනා එපා කියන බෙහෙත් NMRඑක ගෙන්වනවා.කමිටුව එපා කිව්වත් අමාත්‍යාංශ ලේකම් ගෙන්වන්න කියන බෙහෙත් NMR ගෙන්වනවා.එය ප්‍රතික්ෂේප කිරීමේ බලයක් නෑ.මේක තමයි මේ ප්‍රශ්න වලට මුල.අමාත්‍යංශ ලේකම් කිව්වම ප්‍රතික්ෂේප කරන්න බෑ ,ඒකයි මේ ප්‍රශ්න ඔක්කොම.

ගරු කතානායකතුමනි මගේ තර්කය මේකයි , කමිටුව තියෙනවා නමුත් පනත යටතේ කමිටුවට නෛතික බලයක් නෑ.අමාත්‍යංශ ලේකම් බෙහෙත් ගේන්න ඕනි කිව්වම අනිවාර්යෙන්ම එක ගේන්න ඕනි.මෙ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ.පනත අනුව කොහෙද කමිටුවක් තියෙන්නෙ?වැඩ කිරිමේ පහසුවට පත් කරගත්තු කමිටුවක් මේක.නමුත් නෛතික බලයක් නෑ.

අපිත් බෙහෙත් ගන්නවා.අපි ෆාමසි එකට ගිහිල්ලා බේත් ඉල්ලුවාම ලබාදෙන බෙහෙත් වලට මොකක්ද තියෙන වගකීම?ඇත්ත බෙහෙත් අද ව්‍යාජ බෙහෙතක් ද කියලා.මොකද ව්‍යාජ බෙහෙත් අද ලෝකයේ විශාල ව්‍යාපාරයක්.ව්‍යාජ බෙහෙත් ලාබයි නමුත් ඇතුලේ තියෙන්නේ පිටි,ලේබල් එක විතරයි හරියට තියෙන්නෙ.

මම ඇමතිතුමාගෙන් අහනවා , බාල බෙහෙත් ගෙන්නපු අයට කී වතාවක් දඬුවම් කරලා තියෙනවද කියලා?131 වගන්තිය යටතේ ව්‍යාජ බෙහෙත් ගෙන්නපු අයට දඬුවම් කරන්න පුළුවන්.නිර්වින්දන ඖෂධ,ප්‍රතිජීවක ඖෂධ ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය මගින් අනාවරණය කළ මරණ 10යි,වකුගඩු කාන්දු කරන අනතුරුව පේරාදෙණිය හා මහනුවර රෝහල් ආශ්‍රිතව මගේ මගින් අනාවරණය කළ මරණ 10යි,නුවරඑළිය සහ ජාතික අක්ෂි රෝහලේ ශල්‍යකර්මවලින් අනතුරුව ආබාධිත රෝගීන් 70යි,මම ඇමතිතුමාගෙන් අහනවා 131 වගන්ති අනුව කීදෙනෙක්ට නඩු දාල තියෙනවද කියලා.ගරු ඇමතිතුමා කියන විදියට තාම එක නඩුවක් වත් දාලා නෑ.ළමයි මැරෙනවා,මිනිස්සු මැරෙනවා, නමුත් තාම එක නඩුවක් වත් දාලා නෑ.බාල බෙහෙත්,පිටි ගුලි ,ලේබල් ගහලා ගෙන්වනවා ,මොකද ලේකම්වරයා තමයි කියන්නේ ගෙන්වන්න කියලා .මාධ්‍ය වාර්තා සීයක් විතර තියෙනවා,ඔබතුමා කියන්නේ මේවා බොරු කියලා,මේ එකක් හෝ ඇත්ත නෙවෙයිද? එකකට නඩුවක් දාන්න බැරිද?මේකෙන්ම පේනවා අමාත්‍යංශ ලේකම්වරයා සහ ලියාපදිංචි නැති සමාගම් අතර විශාල සම්බන්ධයක් තියෙනවා.මෙහෙම අමාත්‍යංශ අමාත්‍යාංශ ලේකම්වරයාට බලය දෙන්න එපා.කමිටුවක් පත් කරනවා නම් කමිටුව නෛතික බලයක් දෙන්න.

මහනුවර පිළිකා රෝහල හදලා ඉවරයි,ඇයි මේක විවෘත කරන්නේ නැත්තේ?මේක 2015 පටන් ගත්තෙ,එදා අපි මේවට සල්ලි වෙන් කරා.තව මුදල් මිලියන හතරක් විතර අවශ්‍ය වුණත් ආණ්ඩුවට සල්ලි නෑ.සල්ලි නැති කරගත්තේ මේ ආණ්ඩුව ම තමයි.මේ අය තමයි ගෝඨාභය රාජපක්ෂගෙ පලවෙනි අයවැයට අත ඉස්සුවේ.

ලොකු සමාගම් වලට බදු සහන දුන්නා බිලියන 800ක , මේගොල්ලෝ ඒවා සාක්කුවේ දාගත්තා.පසුගිය අවුරුදු 10 තුළ අපනයනය කරපු නියම වටිනාකමින් 30% ලංකාවට එන්නේ.70%පිටරට.මහ බැංකුවත් එක්ක එකතු වෙලා අපනයනකරුවන් මේක කරනවා.ඩොලර් බිලියන 50ක් පාඩුව.

ඇත්ත වශයෙන්ම මේ අය රට පාලනය කරලා රටේ හැම ක්ෂේත්‍රයක්ම ඉවරයි. සෞඛ්‍ය, අධ්‍යාපනය, කර්මාන්තශාලා මේ සියල්ල අද ඇද වැටිලා. අපේ රට ඉස්සරහට යන්නනම් අලුත් ආණ්ඩුවක් ඕනේ.ජනමතය ඉස්මතුවන මැතිවරණයක් ඕනි.මේ අය හැම පැත්තෙන්ම අසාර්ථකයි.

– Media unit

Related posts

ඉරාන ජනාධිපති හෙලිකොප්ටරය සමග අතුරදන්.. ඉරානය කැළඹෙයෙි.. ජනතාව යාඥාවල..

Shiran Viraj

මහමගදී පොලිස් නිළධාරීන් යටකර පළා ගිය ටිපර් රථ රියදුරෙකු සොයා පරීක්ෂණ

Shiran Viraj

කොවිඩ් මරණ 05ක්

Shiran Viraj

2 comments

sleeping music October 10, 2023 at 6:30 pm

sleeping music

Reply
uodesxvn November 1, 2023 at 11:20 am

Dear immortals, I need some wow gold inspiration to create.

Reply

Leave a Comment