27.2 C
Colombo
February 19, 2026
Local NewsNews

මෙරට පරීක්‍ෂණ එපා.. Channel4 හෙලිදරවුව ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඔ්නෑ…

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂයකු ලෙස එවක කාදිනල්තුමා ඇතුළු බහුතරයක් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරතැයි කියන විශ්වාසය මත ගෝඨාභය රාජපක්ෂව බලයට ගෙන ආ බවත් මේ වන විට විදෙස් ගවේෂණයක් හරහා පාස්කු ප්‍රහාරයට මුල් වූ මහ මොළකරුවන් සම්බන්ධයෙන් සුවිශේෂි අනාවරණයක් සිදුව ඇති බවත් මෙරට පාලකයන් ඒ සම්බන්ධයෙන් සත්‍ය සෙවීමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් තමා කණගාටු බවත් ඒ සම්බන්ධ වගකිව යුතු මහමොලකරුවන් සෙවීම මෙරට දී සිදුකළ නොහැකි බවත් ඒ සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කාදිනල්තුමා විසින් තමන්ට විරුද්ධව ඡන්දය ලබා දෙන ලෙස එවක පැවසීම සම්බන්ධයෙන් කණගාටු නොවන බවත් එසේ කිව්වේ පාස්කු ප්‍රහාරය නිසා ඇති වූ වේදනාවට බවත් එම වේදනාව කතෝලික ප්‍රජාව තුළ අදටත් තිබෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ කාදිනල්තුමාට මෙන්ම කතෝලික ප්‍රජාවට අපහාස නොකර වහාම මේ සම්බන්ධයෙන් විධිමත් ජාත්‍යන්තර පරීක්ෂණයකට යා යුතු බව යි.

බලයට එන්න පාස්කු ප්‍රහාරය යොදා ගත් බවත් එවක මැතිවරණ වේදිකාවල කතානායකවරයා ඇතුලු පොහොට්ටුවේ හැමෝම කතා කල බවත් එසේ කතා කළත් අදටත් යුක්තියක් ඉටු නොවූ නිසා තවදුරටත් කාදිනල්තුමාටත් කතෝලික ප්‍රජාවටත් අපහාස නොකර ඒ සඳහා විධිමත් පරීක්ෂණයකට යා යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසිය.

– Media unit

Related posts

මා බලය ගන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීවයි.. සන්නද්ද අරගලයකින් නොවේ..- උවිදු

Maimoonar

මුළු රටම අදුරේ දමන විදුලි අර්බුදයක්… දැවිතෙල් ටොන් 2000ක සැපයුම් නෑ…

Maimoonar

දේශබන්දු නැතිව යුක්තිය අඩපනයි…

Maimoonar

1 comment

Comments are closed.