28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

හෙලිකොප්ටර, ලිමොසින්, හමර් පිරි මගුලක්… රෝහිතගේ පුතා යයි වාර්තා..

තම පුත්‍රයා වන අයේෂ් අභයගුණවර්ධනගේ විවාහ මඟුල් උත්සවය විශාල මුදලක් වියදම් කර පවත්වා ඇති බවට සමාජ ජාලවල වාර්තා පළ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

මනාල යුවළ හෙලිකොප්ටරයකින් පැමිණ ඇති බවටත් සැප වාහන පෙළක ඉන් අනතුරුව ඔවුන් වෙනුවෙන් පෙර ගමන් ගිය බවටත් සමාජ ජාල වල පින්තූර සහ වීඩියෝ පළ වන බවද ඔහු සඳහන් කළේය.

නමුත් වයස අවුරුදු විස්සක් වන තම පුත්‍රයා මෙතෙක් විවාහ වී නැති බවත් ඔහු තවදුරටත් නීති විද්‍යාලයේ නීතිය හදාරමින් සිටින නීති සිසු බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

තමන්ට එල්ල වූ මේ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් සියලුම නීති අංශවලට පැමිණිලි කර ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් මෙම අදහස් පල කරන ලදී.

Related posts

ලෝකයේ කොරෝනා ආසාදිතයන් කෝටිය පනී.. මරණ ලක්‍ෂ 05 පනී.. ඉන්දියාව බියකරු ලෙස ලයිස්තුවේ ඉදිරියට..

Maimoonar

ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්

Maimoonar

ජපානයට විපත් ගෙනා හයිෂෙන් සුළි කුණාටුව දකුණු කොරියාවට කඩා වදි

Maimoonar