NewsSportsSports News

ජාතික කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙක් රන් මාල කොල්ලයකට අත්අඩංගුවට..

ජාතික රගර් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු රන්මාල කොල්ලකෑම් ඇතුළු මංකොල්ලකෑම් රැසකට සැකපිට කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීමේදී රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න රන් භාණ්ඩ තොගයක් හා හෙරොයින් මත්කුඩු මිලිග‍්‍රෑම් 5400ක් පමණද පොලිස් බාරයට ගෙන ඇත.

මෙම පුද්ගලයා වැලිකඩ හා මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශවල සිදුවූ රන්මාල කොල්ලකෑම් රැසකට සම්බන්ධ වී ඇති බවද පොලිසියට හෙළිවී තිබේ.

ඔහු ඒ සියලු කොල්ලකෑම සිදුකර ඇත්තේ සොරා ගත් යතුරු පැදිවලින් ගොස් එම බවද අනතුරුව එම යතුරු පැදි අතහැර දමා ඇති බව ද පොලිසිය කියයි.

සොරාගන්නා ලද රන් භාණ්ඩ විවිධ ප්‍රදේශ රන් භාණ්ඩ මිලදී ගන්නා ස්ථානවලට විකුණා තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

Related posts

සල්ලි කැපෙන්නේ නැති SMS එකකින් කොවිඩ් වලින් බේරෙන්නේ මෙහෙමයි

Maimoonar

පුතාගෙන් ලැබෙන මානසික සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ -රොෂාන් රණවන

Maimoonar

අපට මේක කරන්න බැරිවුනොත් ජනතාව සුබ සිහින දැකීම අතහරිනවා…

Maimoonar