Local NewsNews

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පොලිසියට තග දමා නිලධාරියෙක් සිරකරගෙන.. දුරකතනයක් පැහැරගෙන…

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා අදහස් පල කරයි.

ඔහු පවසන්නේ අදාළ බුද්ධි නිලධාරියා මන්ත්‍රීවරයාට තම හැදුනුම්පත නොපෙන්වූ බවට එල්ල කරන චෝදනාව අසත්‍ය බවයි.

ඉන් අනතුරුව ඒ බහින්බස් වීමක් සිදුවී පොලිස් නිලධාරීන් රඳවා ගැනීමට මන්ත්‍රීවරයා ඇතුළු පිරිස කටයුතු කර ඇති බව ද මන්ත්‍රීවරයාගේ කණ්ඩායම විසින් පොලිස් නිලධාරින් සතුව තිබූ දුරකථනයක් පැහැර ගැනීම සිදුකර ඇතැයිද හෙතෙම කියා සිටියේය.

ඒ අනුව කිලිනොච්චිය පොලිසිය විසින් සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කෙරෙමින් ඇති බව ද තල්දූව මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු එම අවස්ථාවට සහභාගි වූ සියලු දෙනාටම අදාළ චෝදනාව එල්ල වන බවත් පොලිස් මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

ඊයේ අමෙරිකාවෙන් කොරෝන මරණ 1350ක්

Maimoonar

නාවික හමුදා 10කට.. යුද හමුදා 03කට කොරෝනා.. ඊයේ දිනයේ 40යි..

Maimoonar

හරීන්-මනුෂගේ නඩුව වේගයෙන් කැදවයි.. නෂීර් අහමඩ් තීන්දුව බලා සිටී..

Maimoonar

6 comments

Comments are closed.