27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

විදුලි ගාස්තු වැඩිකලොත් වතු කම්කරුවන්ගේ විදුලි විසන්ධි කරන්නැයි ඉල්ලයි..

විදුලි බිල වැඩි කල අවස්තාවේ එම විදුලි බිල්පත් ගෙවිමට නොහැකිව සිටි පාරිභෝගිකයන්ගේ විදුලි සම්බන්ධතාවය විසන්ධි කිරිමට විදුලි බල මණ්ඩලය කටයුතු කල අවස්තාවේ කන කර උකස් කර විදුලි බිල්පත් පාරිභෝගිකයන් විසින් ගෙවා ඇති බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි. රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

කදුරට ජනතා පෙරමුණේ නිර්මාතෘ සහ හිටපු අමාත්‍ය පි.චන්ද්‍රසේකරන් මහතාගේ 13 වෙනි ගුණ අනුස්මරණ උත්සවය (01) දින හැටන් නගරයේ පිහිටි කදුරට ජනතා පෙරමුණු කාර්යාලයේ පැවති අවස්තාවේදි රාධා ක්‍රිෂ්ණන් මහතා ඒ බැව් පැවසිය.

යලිත් විදුලි බිල වැඩිකලහොත් වතු කම්කරුවන්ට එම බිල්පත ගෙවිමට නොහැකි නිසා එම වතු කම්කරුවන් වෙත ලබා දි ඇති විදුලි සම්බන්ධතාවය විසන්ධි වන බවත්, එම තත්ත්වය මත වතු කම්කරුවන්ට භුමිතෙල් ලාම්පුවක් හෝ පත්තු කරගෙන නිවස ආලෝකමත් කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත් වි ඇති බවයි රාධා ක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ.

පවත්නා තත්ත්වය මත වතුකරයේ පාසල් ළමුන්ගේ අධ්‍යාපනයද කඩා වැටි ඇති බවත්, මෙරට නිදහස ලබා වසර 75 ක් වි ඇතත් , වතු කම්කරුවන්ට පුරවැසි භාවය ලැබි  කෙටි කාලයක් ගත වන බවත්, එම කාලය තුල වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ලබාදිමට කිසිදු රජයක් පියවර ගෙන නොමැති බවයි රාධා ක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ.

වතු කම්කරුවන්ට සහන ලබාදිමට නොහැකි නම් එම ප්‍රජාව පිලිබදව අනුකම්පා සහගත ලෙසව සිතා බලන ලෙස රාධා ක්‍රිෂ්ණන් මහතා රජයෙන් ඉල්ලා සිටියි.

වතුකරයේ රෝහල් වල අත්‍යවශ්‍ය ඖෂධ හිගයක් පවතින බවත්, පවතින ඖෂධ හිගය හමුවේ වෛද්‍යවරුන් විසින් පිටතින් එම ඖෂධ ලබා ගන්නා ලෙස බෙහෙත් වට්ටෝරුවක් ලබාදුන්නත් එම බෙහෙත් වට්ටෝරුව මිල දි ගැනිමට වතු කම්කරුවන්ට ආර්ථික තත්ත්වයක් නොමැති බවත්, ණය වි හෝ එම බෙහෙත් වට්ටෝරුව මිල දි ගැනිමට ඖෂධ අලෙවිසැල් වල එම ඖෂධ නොමැති බවයි රාධා ක්‍රිෂ්ණන් වැඩිදුරටත් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක මහත්වරුන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට තීරණය කෙරේ

Maimoonar

රවි කරුණානානායක පොහොට්ටු සාමාජිකත්වය ගත්තොත් කලබල වෙන්න එපා..- පොහොට්ටුවෙන් කියයි..

Maimoonar

ප‍්‍රසිද්ද ගායකයෙන් ගිනි අවියක් සමග අත්අඩංගුවට..

Maimoonar

3 comments

Comments are closed.