Local News News

විදුලි ගාස්තු වැඩිකලොත් වතු කම්කරුවන්ගේ විදුලි විසන්ධි කරන්නැයි ඉල්ලයි..

විදුලි බිල වැඩි කල අවස්තාවේ එම විදුලි බිල්පත් ගෙවිමට නොහැකිව සිටි පාරිභෝගිකයන්ගේ විදුලි සම්බන්ධතාවය විසන්ධි කිරිමට විදුලි බල මණ්ඩලය කටයුතු කල අවස්තාවේ කන කර උකස් කර විදුලි බිල්පත් පාරිභෝගිකයන් විසින් ගෙවා ඇති බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි. රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

කදුරට ජනතා පෙරමුණේ නිර්මාතෘ සහ හිටපු අමාත්‍ය පි.චන්ද්‍රසේකරන් මහතාගේ 13 වෙනි ගුණ අනුස්මරණ උත්සවය (01) දින හැටන් නගරයේ පිහිටි කදුරට ජනතා පෙරමුණු කාර්යාලයේ පැවති අවස්තාවේදි රාධා ක්‍රිෂ්ණන් මහතා ඒ බැව් පැවසිය.

යලිත් විදුලි බිල වැඩිකලහොත් වතු කම්කරුවන්ට එම බිල්පත ගෙවිමට නොහැකි නිසා එම වතු කම්කරුවන් වෙත ලබා දි ඇති විදුලි සම්බන්ධතාවය විසන්ධි වන බවත්, එම තත්ත්වය මත වතු කම්කරුවන්ට භුමිතෙල් ලාම්පුවක් හෝ පත්තු කරගෙන නිවස ආලෝකමත් කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත් වි ඇති බවයි රාධා ක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ.

පවත්නා තත්ත්වය මත වතුකරයේ පාසල් ළමුන්ගේ අධ්‍යාපනයද කඩා වැටි ඇති බවත්, මෙරට නිදහස ලබා වසර 75 ක් වි ඇතත් , වතු කම්කරුවන්ට පුරවැසි භාවය ලැබි  කෙටි කාලයක් ගත වන බවත්, එම කාලය තුල වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ලබාදිමට කිසිදු රජයක් පියවර ගෙන නොමැති බවයි රාධා ක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ.

වතු කම්කරුවන්ට සහන ලබාදිමට නොහැකි නම් එම ප්‍රජාව පිලිබදව අනුකම්පා සහගත ලෙසව සිතා බලන ලෙස රාධා ක්‍රිෂ්ණන් මහතා රජයෙන් ඉල්ලා සිටියි.

වතුකරයේ රෝහල් වල අත්‍යවශ්‍ය ඖෂධ හිගයක් පවතින බවත්, පවතින ඖෂධ හිගය හමුවේ වෛද්‍යවරුන් විසින් පිටතින් එම ඖෂධ ලබා ගන්නා ලෙස බෙහෙත් වට්ටෝරුවක් ලබාදුන්නත් එම බෙහෙත් වට්ටෝරුව මිල දි ගැනිමට වතු කම්කරුවන්ට ආර්ථික තත්ත්වයක් නොමැති බවත්, ණය වි හෝ එම බෙහෙත් වට්ටෝරුව මිල දි ගැනිමට ඖෂධ අලෙවිසැල් වල එම ඖෂධ නොමැති බවයි රාධා ක්‍රිෂ්ණන් වැඩිදුරටත් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

Related posts

ඇමති සබ්රිට විපක්‍ෂයට එක්වන ලෙස ආරාධනා..

Shiran Viraj

ස්පා තරුණියන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් සමූහ දුෂණය කරයි…

Shiran Viraj

මට සෞඛ්‍ය ඇමතිකම දුන්නොත් සියල්ල විසදනවා.. අපේ දෙන්නෙක් ගියා වගේ මටත් ආණ්ඩුවට යන්න පුළුවන්..

Shiran Viraj

3 comments

car shuttle services near me May 1, 2023 at 10:28 pm

Ships all types of vehicles door to door.

my webpage … car shuttle services near me

Reply
home equity loan interest rates calculator May 25, 2023 at 3:44 pm

Mortgage debt comes with low home equity loan interest rates calculator rates.

Reply
item523330773 June 15, 2023 at 2:21 pm

No, nootropics cannot cause brain damage.

Also visit my homepage; item523330773

Reply

Leave a Comment