Local News News

රියදුරු වැරදි 32කට ලකුණු ක‍්‍රමය එයි.. බලපත‍්‍රය අහෝසි වන ලකුණු ක‍්‍රමය මෙන්න…

මාර්ග අනතුරු නිසා වසරකට මිය යන ගණන තුන්දහසකටත් එහාය. දිනකට රිය අනතුරු නිසා දහයක් පමණ මියයන බව පොලිසියේ හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ වාර්තාවලින්ද පෙනේ. බොහෝ අය මියගොස් ඇත්තේ යතුරුපැදි අනතුරුවලිනි. මේ අනතුරුවලට ප්‍රධානම හේතුව රියැදුරන්ගේ නොසැලකිලිමත්කම සහ අපරීක්ෂාකාරී රිය ධාවනයය. අනතුරු අවම කරගනිමින් රටට අහිමි වන මිනිස් ජීවිත සුරක්ෂා කිරීමේ අරමුණ මූලික කරගත් ක්‍රමවේදයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව හඳුන්වාදී ඇත. ඒ ක්‍රමවේදය ලබන මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර පොලිසියටද අදාළ ක්‍රමවේදය නිල වශයෙන් යොමු කර ඇත.

මේ ක්‍රමවේදය අනුව රථවාහන වැරදි 32 ක් හඳුනාගෙන ඇත. එම වැරදි සඳහා ලකුණු තුනක අවමයක සිට ලකුණු දහය දක්වා උපරිමයකට රියැදුරුට ලකුණු එකතු වේ. ඒ සියලු ලකුණු පොලිස් රථවාහන අංශයේ නිලධාරින් මගින් සලකුණු කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිර්මාණය කර ඇති රියැදුරු අකුසලතා ලකුණු පද්ධතියට එකතු කරනු ලබයි. ඒ ආකාරයෙන් රථවාහන වැරදි කරන රියැදුරෙකු විසින් ලකුණු 24 ක් ලබාගත්විට ඔහුගේ රියැදුරු බලපත්‍රය වසරකට අවලංගු කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.

ඒ ආකාරයෙන් අවලංගු වන රියැදුරු බලපත්‍රය රියැදුරුට වසරකින් පසු නැවත ලබාදේ. ඉන්පසු වසරේදී රියැදුරු කිසිදු වරදක් නොකර කිසිදු අකුසලතා ලකුණක් රැස් කරගෙන නැත්නම් අකුසලතා 24 න් ලකුණු හයක් අඩු කෙරේ. එමෙන්ම රියැදුරු බලත්‍රය මුලින්ම වසරක කාලයකට අවලංගු කළ දින සිට වසර දෙකක කාලයක් කිසිදු රථවාහන වරදක් නොකොට කිසිදු අකුසලතා ලකුණක් රැස් කර නොගැනීමට රියැදුරු කටයුතු කර ඇත්නම් අකුසලතා ලකුණු 24 ම කප්පාදු කිරීමට ද මෙම ක්‍රමවේදය මගින් කටයුතු කෙරේ.

නියමිත සංඥා ලබා නොදීම හෝ වැරදි සංඥා ලබාදීම, ජංගම දුරකතන භාවිත කරමින් රිය පැදවීම, අනතුරක් වළක්වා ගැනීමට අසමත් වීම, ආසන පටි නොපැලඳ වාහන පැදවීම, අධික ශබ්දය යන වැරදි සඳහා ලකුණු තුන බැගින් එක් කෙරේ.

එමෙන්ම නියමිත මංතීරුවේ ධාවනය නොකිරීම, වැරදි ලෙස ඉස්සර කිරීම, ඉස්සර කිරීමට ඉඩකඩ ලබා නොදීම, මංසන්දියකදී මාර්ග නීති කඩකිරීම, එක් මාර්ගයක සිට වෙනත් මාර්ගයකට ගමන් කිරීමේදී නීති කඩකිරීම, මෝටර් වාහනයක් දිගු දුරක් පසුපසට ධාවනය කිරීම, සුළු අනතුරු ළඟම ඇති පොලිසියට දැනුම් නොදීම, පොලිස් නිලධාරියකුගේ උපදෙස් හා හස්ත සංඥා අනුගමනය නොකර රිය පැදවීම, යන වැරදි සඳහා ලකුණු හතර බැගින් එක්වනු ඇත.

අධික වේගයෙන් රිය පැදවීමේදී වේගසීමාව අනුව ලකුණු හතරත් අටත් අතර ප්‍රමාණයකින් ලකුණුවලට එක් කෙරේ. වලංගු රක්ෂණ බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, මාර්ග යෝග්‍යතාව නොමැති වාහනයක් පැදවීම, අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත්ව රිය ධාවනය යන වැරදි සඳහා ලබාදීමටද නියමිත ප්‍රමාණය ලකුණු හයකි.

එමෙන්ම මාර්ග අනතුරකින් පසු වාහනය නතර නොකර පලා යාම, අදාළ තොරතුරු ඉදිරිපත් නොකිරීම, තුවාල ලැබූවන් රෝහල වෙත හෝ වෛද්‍යවරයකු වෙත රැගෙන නොයෑම, ළඟම ඇති පොලිසියට අනතුර වාර්තා නොකිරීම, යන වැරදිවලදී ලකුණු දහයක් එක් කෙරේ.

මේ ක්‍රමවේදයට සමගාමීව රථවාහන පොලිස් නිලධාරීන් වෙත ඩිජිටල් යන්ත්‍රයක්ද ලබාදෙන අතර එම යන්ත්‍රය මගින් රියැදුරුගේ අකුසලතා ගැන ලකුණු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පද්ධතියට එක් කිරීමට මෙන්ම එම වැරදිවලට අදාළ දඩ මුදල්ද මාර්ග ගත ක්‍රමයට එම ස්ථානයේදීම ගෙවීමට හැකියාව පවතී. ඒ අනුව දඩ මුදල ගෙවා පොලිස් නිලධාරියා භාරයේ ඇති රියැදුරු බලපත්‍රය රියැදුරුට ආපසු ලබාගත හැකිය.

මේ අතර අලුතින් වාහන ලියාපදිංචියේදී පළාත් අක්ෂරය සහිතව ලියාපදිංචි කිරීමද ඊයේ (01 වැනිදා) සිට අත්හිටුවා ඇත. මේ අනුව වාහන අලුතින් ලියාපදිංචි වන්නේ ඉංග්‍රිසි අක්ෂර තුනට අනුවය. මේ අනුව wp AAA – 0000 වශයෙන් ලියාපදිංචි කළ වාහන ඉදිරියේදී ලියාපදිංචි වන්නේ AAA – 0000 ලෙසය. ඒ අනුව wp, sp,EP, NP,UP,CP,NC, SG,NW වශයෙන් වාහන ලියාපදිංචියක් මින් ඉදිරියට සිදුවන්නේ නැත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව වාහන අසූදෙලක්ෂ පනස් අටදහස් තුන්සිය හැත්තෑ නවයක් මෙරට ලියාපදිංචිව ඇත. ඒ අතරින් වැඩිම වාහන පෙට්‍රල් වාහන වන අතර එම සංඛ්‍යාව හැටහය ලක්ෂ අනූහත්දහස් නවසිය හැටකි. ඩීසල් වාහන දහතුන් ලක්ෂ අසූ එක්දහස් දෙසිය හැට අටකි. විද්‍යුත් පෙට්‍රල් වාහන එක්ලක්ෂ හැටනවදහස් පන්සිය දාහතරකි. විද්‍යුත් ඩීසල් වාහන හයසිය හැටනවයකි. ඉන්ධන මගින් ධාවනය නොවන විද්‍යුත් වාහන අටදහස් නවසිය හැට අටකි.

ලකුණු 3ක් එක්වන වැරැදි

  • නියමිත් සංඥා ලබා නොදීම හෝ වැරැදි සංඥා ලබාදීම
  • ජංගම දුරකතන භාවිතය
  • අනතුරක් වළක්වා ගැනීමට අසමත් වීම
  • ආසන පටි නොපැලඳීම
  • අධික ශබ්දය

ලකුණු 4ක් එක්වන වැරැදි

  • නියමිත වේග සීමාව කඩකිරීම
  • නියමිත මං තීරුවේ ධාවනය නොකිරීම
  • වැරැදි ලෙස ඉස්සර කිරීම
  • ඉස්සර කිරීම සඳහා ඉඩ ලබා නොදීම
  • මංසන්ධියකට අදාළ නීති කඩ කිරීම
  • එක් මාර්ගයක සිට වෙනත් මාර්ගයකට ගමන් කිරීමට අදාළ නීති කඩ කිරීම
  • මෝටර් වාහනයක් දිගු දුරක් පස්සට ගැනීම
  • සුළු අනතුරු ළඟම පොලිස් ස්ථානයට වාර්තා නොකිරීම
  • පොලිස් නිලධාරියකුගේ උපදෙස්/හස්ත සංඥා අනුගමනය නොකිරීම

ලකුණු 5ක් එක්වන වැරැදි

  • අධික වේගය (20% සිට 30% දක්වා)

ලකුණු 6ක් එක්වන වැරැදි

  • වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම
  • අධික වේගය (30% සිට 50% දක්වා)
  • මාර්ග යෝග්‍යතාව නොමැති වාහනයක් ධාවනය
  • අපරික්ෂාකාරී ධාවනය
  • නොසැලකිලිමත් ධාවනය

ලකුණු 8ක් එක්වන වැරැදි

  • අධික වේගය (150% වැඩි)

ලකුණු 10ක් එක්වන වැරැදි

  • මාර්ග අනතුරකින් පසු වාහනය නතර නොකිරීම
  • අදාළ තොරතුරු ඉදිරිපත් නොකිරීම
  • තුවාල ලැබූවන් වහාම රෝහල හෝ වෛද්‍යවරයකු වෙත රැගෙන නොයෑම
  • ළඟම ඇති පොලිසියට අනතුර වාර්තා නොකිරීම

– එෆ්. අස්ලම්
Aruna

Related posts

සරසවි අනධ්‍යන සේවකයන්ට විසඳුම්..

Shiran Viraj

පරිසර දිවුරුමට යුද හමුදාපතිත් අත්සන් තබයි

Shiran Viraj

ජනාධිපති වී සියළුම විෂයන් මට පවර ගන්නවා.. නැතොත් අපි හතර දෙනාගෙන් කැබිනෙට්ටුව හදනවා..

Shiran Viraj

3 comments

austin mls rentals May 24, 2023 at 1:21 am

Offerpad and We Buy Houses are also good options.

Look at my blog; austin mls rentals

Reply
starting daycare June 17, 2023 at 3:38 pm

We stumbled over here from a different website and thought I might check things out.
I like what I see so now i’m following you. Look forward to finding out about your web
page repeatedly.

my web blog … starting daycare

Reply
healing music October 10, 2023 at 9:49 pm

healing music

Reply

Leave a Comment