27.8 C
Colombo
February 26, 2026
BusinessBusiness NewsNews

ණයට බස් රථ 500ක් ඉන්දියාවෙන්…

‘2023 වසර තුල නව බස්රථ 500ක්‌ පොදු ප්‍රවාහනය උදෙසා ධාවනයට එක් කරනවා’ යයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු නව බස් රථ 75ක් දිවයින පුරා ඩිපෝ වෙත බෙදා දීමේ අවස්ථාවට එක්වෙමිනි. බත්තරමුල්ල ජපන් මිත්‍රත්ව මාවතේ පැවති මෙම වසර බෙදා දීමේ වැඩසටහනේදී

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අද දිනයේ මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉතාමත් වැදගත් දිනයක්. ග්‍රාමීය ප්‍රදේශවල මංමාවත් වල තත්ත්වයට ගැළපෙන ආකාරයෙන් නිෂ්පාදනය කළ නවීන බස් රථ 75ක් අපගේ ප්‍රවාහන පද්ධතියට එක් වනවා. ඉන්දියානු රජයේ සහයෝගයෙන්, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රු. ලක්ෂ 100ක පමණ වටිනා මෙම බස් රථ ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.

මෙරට 75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘති යටතේ මෙරටට ලැබෙන තවත් බස් රථ තොගයක් දිවයින පුරා ඩිපෝ වෙත බෙදා දීමට කටයුතු කරනවා. උතුරු නැගෙනහිර පලාත් ඇතුළුව සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන පරිදි ඩිපෝ වෙත මෙම බස් රථ වෙන්කර තිබෙනවා. 2023 වසර තුළ නව බස්රථ 500ක්‌ පොදු ප්‍රවාහනය උදෙසා ධාවනයට එක් කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

ඉන්දියානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගොපාල් බාග්ලේ මහතා, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා, මහමාර්ග රාජ්‍ය අමාත්‍යසිරිපාල ගම්ලත් මැතිතුමා,රාජ්‍ය අමාත්‍යවරුන් වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ශාන්ත බණ්ඩාර, දිලුම් අමුණුගම යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– මාධ්‍ය ඒකකය

Related posts

ඉන්දියාව කෝවිඩ් එන්නත් දෙකකට අනුමැතිය දෙයි

Maimoonar

සිමෙන්ති රුපියලකින් අඩු කරයි..

Maimoonar

මත්පැන් බලපත් ඉල්ලු අය අතර SJB මන්ත‍්‍රීන් විශාල පිරිසක්…

Maimoonar

212 comments

Comments are closed.